Header Ads

ඡන්දේ නිසා නිකන් හිටියේ නැත්නම් ඔයිට වඩා සැරට සළකනවා – එස්.බී. දිසානායක (Video)

සබරගමුව විශ්වවිද්‍යාලය දින නියමයකින් තොරව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
ඊට හේතු වූයේ, පිරිමි නේවාසිකාගාරයට සිසුවියන් බලහත්කාරයෙන් ඇතුළුවිමයි. එම නොසන්සුන් තත්ත්වය ආරම්භ වූයේ ඊයේ උදෑසන සිටයි.
උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කාන්තා නේවාසිකාගාරය විවෘත කිරීමට පැමිණි අතර, පඹහින්න මංසන්ධියේදී අමාත්‍යවරයා වටකරගත් සිසුන් තම ගැටළුවලට විසඳුම් ඉල්ලා සිටියහ.
එම සිසුන් සත්‍යග්‍රහයක නිරත වන්නේ දින 34 ක සිටයි.
අමාත්‍යවරයා විශ්වවිද්‍යාලයට පැමිණෙන බැවින් විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණි. එස්.බී. දිසානායක මහතාට සරසවි භූමියට ඇතුළු වීමට ඉඩ නොදුන් සිසුන්, මාර්ගය අවහිර කරමින් විරෝධය පල කළහ.
සිසු විරෝධතා මධ්‍යයේ අමාත්‍යවරයා සරසවි භූමියට ඇතුළු වූයේ පොලිස් කැරළි මර්දන ඒකකය සිසුන්ට ජල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විශ්වවිද්‍යාලය තුළට පැමිණ නේවාසිකාරගය වීවෘත කළ ද සිසුන් කිසිවෙකු ත් ඊට සහභාගී නොවීය.

ඇමතිවරයාගේ කතාවේදී මැතිවරන නිසා පොල්ලක් සැලකුවට ඉන් අනතුරුව කරන සැලකීම ගැන ඉගි කලේ මෙලෙසිනි

මේ දවස්වල අපි ඡන්ද නිසා පොඩ්ඩක් නිහඩව ඉන්නවා. නැත්නම් ඔයිට වඩා ටිකක් සැරට ඇපි සලකනවා. මේ අපි පොඩ්ඩක් ඉන්නව මේ ඡන්ද හින්දා ... ඒ හින්දා ඔය අට්ටාල ගහගෙන ඉන්නකොට නැත්නම් අපි අට්ටාලවලට සලකනව. මේක ආන්ඩුවක්නේ. ඒ හින්ද ඔය එකෙක් දෙන්නෙක් අට්ටලෙක නැගල හිටියයි කියලා අපිට නිකම් මෙහෙම මෙහෙම දැනෙනවද ... කූබියෙක් තරම්, කඩියෙක් තරම්, කූඩැල්ලෙකුට තියෙන බයවත් නැහැ. නිකම් මැස්සොනේ ... 
අමාත්‍යවරයා යළි පැමිණෙන තුරු සිසුන් පඹහින්න මංසන්ධියේ රැඳී සිටියහ. නමුත් උත්සවය අවසානයේ අමාත්‍යවරයා පිටව ගොස් තිබුණේ සිසුන්ට රහසේ හොරපාරෙනි කූබියෙකුට, කඩියෙකුට,කූඩැල්ලෙකුට තරම්වත් බය නැති සිසුන් මගහරිමිනි. කෙසේ වෙතත් එලෙබෙන මැතිවරනවලින් අනතුරුව සිසුන්ගේ ඇගවල්වලටනම් හොද නැති බව ඇමතිවරයාගේ කතාවෙන් පෙනීයයි.
මේ අතර අද පස්වරුවේ සිසුවියන් පිරිමි නේවාසිකාරයට බලහත්කාරයෙන් ඇතුළු වූහ.උපකුලපති චන්දන පී. උඩවත්ත මහතා පැවසුවේ, අද විවෘත කළ නේවාසිකාගාරයට සිසුන් කිසිවෙකුත් නොපැමිණි බව ය.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.