Header Ads

අවිආයුධ නැතිව ජීවිත 12ක් බිලි ගත් බර්ලින් ත්‍රස්ත ප්‍රහාරකයා මෙන්න

පසුගිය දා ජර්මනියේ බර්ලින් නුවර නත්තල් වෙළෙඳපොළට කඩා වැදී ලොරි රථයක් මගින්ට පුද්ගලයින් 12 දෙනෙකු යට කර මරා දමා  තවත් 50 දෙනෙකුට තුවාල සිදු  කළ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරු හඳුනා ගෙන තිබේ.

එරට ආරක්ෂක අංශ සැකකරුගේ ඡායාරූපයක් ද මාධ්‍යට මුදා හැර ඇති අතර ඔහු පිළිබඳ තොරතුරක් ලබා දෙන අයෙකුට යූරෝ 100,000 මුදල් ත්‍යාගයක් ලබා දෙන බව ද නිවේදනය කර තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති ටියුනීසියානු ජාතික ඇනිස් අම්රි නම් මෙම සැකකරුගේ වයස අවුරුදු 23කි.

ජර්මනියට පැමිණීමට පෙර මොහු අවුරුදු 4ක් ඉතාලියේ ජීවත්ව සිට ඇති අතර ඊට පෙර ටියුනීසියාවේ සිටියදී සිරගතව සිටි පුද්ගලයෙකු ද වේ.

මෙම බර්ලින් ප්‍රහාරය මුල් අවස්ථාවේ අනතුරක් ලෙස වාර්තා වුව ද පසුව ඓS ත්‍රස්තවාදීන් විසින් එහි වගකීම භාරගනු ලැබිණ.

ඓS ත්‍රස්ත්‍රවාදීන් සිය ප්‍රවෘත්ති ඒජන්සිය හරහා මෙම ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් පවසා ඇත්තේ සිය සෙබලෙකු විසින් ප්‍රහාරය දියත් කළ බව ය.

එමෙන් ම ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ, සිය සංවිධනයට එරෙහිව සභාගගත වී රටවල්වලට ප්‍රහාර එල්ල කිරීමේ ක්‍රමවේදය යටතේ මෙම ප්‍රහාරය එල්ල කළ බව ය.

ලොරි රථයේ නියම රියැදුරු පෝලන්ත ජාතිකයෙකු වන අතර වෙඩි ප්‍රහාර සහ පිහි ඇණුම් තුවාල ද සහිතව මගී අසුනේ තිබියදී ඔහුගේ මළ සිරුර හමු විය.

ප්‍රහාරයෙන් පසු පලා ගොස් සිටින සැකකරු ලොරි රථය ලබා ගැනීමේදී රියැදුරු සමග ගැටුමක් ඇති වන්නට ඇති බවත් එහිදී ඔහුට ද තුවාල සිදු වන්නට ඇති බවට සැක පළ කෙරේ

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.