Header Ads

පුටින්ගෙන් ඔබාමාට කනේ පහරක්

කිසිදු අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු සේවයෙන් නෙරපා නොදමන බව රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් පවසයි.
පුටින් මේ බව ප්‍රකාශ කළේ, අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 35ස් දෙනෙකු නෙරපා දමන ලෙස රුසියානු විදේශ අමාත්‍යංශය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.
අමෙරිකානු ජනපතිවරණයට අයුතු ලෙස මැදිහත්වීම හේතුවෙන් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 35ස් දෙනෙකු නෙරපා දැමීමට ජනපති ඔබාමා ඊයේ තීරණය කළේ ය.
මෙම සිදුවීමට ප්‍රතිචාර දැක්වීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනපති ධූරය භාරගන්නා තුරු ඉවසීමෙන් කටයුතු කරන බව රුසියානු ජනපතිවරයා සඳහන් කර තිබේ.
විදෙස් වාර්තා අනාවරණය කළේ, ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් හට ට්විටර් පණිවුඩයක් ද නිකුත් කරමින්, අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා නොදැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කර ඇති බව ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.