Header Ads

පොලිස් අණ නොතකා ඉගිල්ලුනු රූමත් ඇමති දියනියට වැඩ වරදී!

කොළඹ – මහනුවර මහා මාර්ගය ඔස්සේ පසුගිය 11දා මාර්ග නීති උල්ලංඝනය කරමින් පොලිස් අණද නොතකා ඩිපෙන්ඩර් රථය
නොනවත්වා ධාවනය කළ තරුණියක් නීතියේ රැහැනට හසුකර ගැනීම පොලිස් නිලධාරීන් සමත්ව තිබෙනවා. ඒ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කිලෝමීටර් 3ක පමණ දුරක් හඹා යාමෙන් අනතුරුවය.

නිට්ටඹුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු කොළඹ – මහනුවර මහා මාර්ගයේ සේවයේ යෙදී සිටියදී, මහනුවර දෙස සිට කොළඹ දෙසට කළු පැහැති ඩිපෙන්ඩර් රථයක් මාර්ගයේ වංගු සහිත ස්ථානයකදී මාර්ගය මැද සලකුණු කර ඇති ද්විත්ව සුදු ඉරිවලටද දකුණින් වෙනත් රථයක්ද ඉස්සර කර තිබෙනවා. එය නැවැත්වීමට සංඥා කළද පොලිස් අණ නොතකා ඩිෆෙන්ඩර් රථය පලායෑම නිසා නිලධාරීන් දෙදෙනා රාජකාරි යතුරු පැදියේ නැගී කිලෝමීටර් තුනක දුරක් ඩිපෙන්ඩර් රථය හඹාගොස් නිට්ටඹුව පස්යාල හන්දිය ආසන්නයේදී ඩිෆෙන්ඩර් රථය නවත්වා ගැනීමට සමත්ව තිබෙනවා.
අණ නොතකා යෑම පිළිබඳව පොලිස් නිලධාරීන් දෙදෙනා ඩිපෙන්ඩර් රථය පැදවූ තරුණිගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය දේශපාලඥයෙකුගේ නමක් සඳහන් කර තමා ඔහුගේ දියණියක් බවත්, සිද්ධිය පිළිබඳව සමාව අයැද සිටින බවත් පවසා තිබෙනවා. ඩිෆෙන්ඩර් රථය තුළ තවත් තරුණ කාන්තාවන් කිහිපදෙනෙකු සිටි බවද පොලීසිය සඳහන් කරනවා.
ඇය මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ගේ දියනිය බව සමාජ ජාල වෙබ් අවඩි වාර්ථා කර ඇත.
අනතුරුව පොලිස් නිලධාරීන් දෙදෙනා අදාල තරුණියට තරයේ අවවාද කර, ඇයගේ රියදුරු බලපත්‍රය සිය භාරයට ගෙන දින 14ක් වලංගු තාවකාලික රියදුරු බලපත්‍රයක් ඇයට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. ලබන ජනවාරි 2 වැනිදා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද දන්වා තිබෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.