Header Ads

ප්‍රභූන්ට වෙනම නීතියක්ද ?

මාතර දික්වැල්ලේ දී මාර්ග නීති උල්ලංඝණය කරමින් ගිය ප්‍රභූ වාහන පෙළකට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහතා පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබේ.
‘ටෙල් අයිජීපී‘ සේවාව ඔස්සේ වේරගොඩ මහතා සිය පැමිණිල්ල සමග එම වාහන පෙළ මාර්ග නීති උල්ලංඝණය කරමින් යන අයුරු දැක්වෙන ඡායාරූප ද යවා ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි කියයි.
එම පැමිණිල්ල විමර්ශනය කළ මාතර සහකාර පොලිස් අධිකාරී (1) දන්වා ඇත්තේ ප්‍රභූ වාහන පෙළ මාර්ග නීති උල්ලංඝණය කරමින් ගමන් කර ඇත්තේ පොලිසියේ දැනුම්වත්කමින් බවයි. මාතර දික්වැල්ලේ වෙරහරක් වීදි සංචාරය කරන නිසා දික්වැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මාතර සිට දික්වැල්ලට එන වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවා ඇතැයි ද, දික්වැල්ල සිට මාතර දෙසට එන වාහන පමණක් ප්‍රධාන මාර්ගය ඔස්සේ ධාවනය කරවා ඇතැයි  පොලිස් මූලස්ථානය නීතීඥ තිෂ්‍ය වේරගොඩ මහතාට ලිඛිතව දන්වා තිබේ.
ප්‍රභූ රථ පෙළ හුනාගැනීමෙන් පසු ඉදිරියෙන් මන්දගාමීව යන රථ පෙළට යාමට පොලිසිය විසින් ඉඩ සලසා ඇතැයි ද, මෙම ස්ථානයේ හෝ ආසන්න ප්‍රදේශයේ සංඥා පහන් නොමැති නිසා රියදුරන් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව කටයුතු කර ඇතැයි ද, එබැවින් ඔවුන් කිසිදු රථවාහන වරසක් සිදුකර නැතැයි ද පොලිස් මූලස්ථානය දන්වා ඇත.
wpKX 5292, wpCA0223, wpGC9714, NWcat2929, wpKX2389,wpCAJ292   අංක සඳහන් වාහන හය පාරේ  සුදු ඉරි කපාගෙන යාම, දහවල් කාලයේ ඇති මාර්ග නීති කඩ කිරිම,   සමස්ත මාර්ගය පුරාම ගමන් කිරිම, පොලිස් වාහන පසු කර  යාම යන වැරදි  කඩ කර  ඇති  බව නිතිඥ තිෂ්‍ය වේරගොඩ  මහතා  පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
දේශපාලකයන්ට  හට  එක නීතියකුත් මහජනතාව හට  තව නීතියකුත්  නැති බැවින් ප්‍රභූ වාහන පෙළට නීතිය ක්‍රියාමක කරන ලෙස වේරගොඩ මහතා ඉල්ලා තිබිණි.





මේ පුවත පිලිබද ඔබේ අදහසත් ඇතුලත් කරන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.