Header Ads

මුළු ආර්කථියම හසුරවන, නීතියටත් යටත් නොවන සුපිරි ඇමතිවරු දෙදෙනෙක්. පනත පෙබරවාරී ගෙන එයි.

සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත පෙබරවාරි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.
සුපිරි ඇමතිවරයෙකු බිහිවන බවට චෝදනා නැගෙන්නේ මේ පනත් කෙටුම්පත පිළිබඳව ය.
අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා…
අමාත්‍ය මලික් සමරවික්‍රම –
එහෙම කිසිම කාටවත් අපේ ආණ්ඩුවේ සුපිරි ඇමතිකමක් අවශ්‍ය නැහැ උවමනා නැහැ එහෙම එකක් කාටවත්
දෙන්නෙත් නැහැ

මා‍ධ්‍යවේදී ප්‍රශ්නය –
හැබැයි කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ගත්තා යෝජනාවක් පනත් කෙටුම්පතක්

මලික් සමරවික්‍රම –
ඒ අනුමත කර ගත්තේ සුපිරි ඇමතිකමක් නෙවෙයිනේ‍. අපි කෙරුවේ ඒක ඇපෘ කර ගත්තේ ආයෝජකයින්ට පහසුකම් ලබා දෙන්න. දැන් බලන්න මේ පසුගිය අවුරුදු ටිකේ බලනකොට අපිට ඇවිල්ලා තියෙන්නේ ඩොලර් මිලියන 800ක් විතරයි. හැම අවුරුද්දටම
දැන් මේ අවුරුද්දේම මියන්මාර් රටේ ඩොලර් බිලියන් 6.8 ක් ඇවිල්ලා තියෙනවා. මොකද ඒගොල්ලන්ට තියෙනවා එකම
ආයතනයක් ඒජන්සි එකක්. එතනින් ඔක්කොම පහසුකම් ලබලා දෙනවා ඉතින් අපිත් හදන්නේ ඒ විදිහේ ඒජන්සියක් හදලා
ඒ තුළින් අනිත් අමාත්‍යංශ සම්බන්ධ කරගෙන ඒ පහසුකම් ලබා දෙන්න

මා‍ධ්‍යවේදී ප්‍රශ්නය –
ඇමතිතුමනි මේ පනතේ එක් තැනක සඳහනක් වෙනවා මේ ආයතන සම්බන්ධයෙන් පත් වන නිලධාරීන්ට නඩු පැවරීමේ කටයුතුවලට බලපෑමක් තියෙනවා කියලා

මලික් සමරවික්‍රම –
මේකේ තියෙනවා එක ප්‍රශ්නයක් ඔය විදිහේ ආයතනයක් හදනකොට අපිට ආණ්ඩුවෙන් නිලධාරීන් විතරක් නෙවෙයි
අපිට පෞද්ගලික අංශයෙනුත් සේවකයින් බඳවා ගන්න තියෙනවා දැන් අපි අලුතෙන් හිතන්න ඕනේ අපි ගිය අවුරුදු 68 විදිහට වැඩ කෙරුවොත් අපිට ඉස්සරහට යන්න අමාරුයි

මා‍ධ්‍යවේදී ප්‍රශ්නය –
ඇයි වංචා දූෂණ සම්බන්ධයෙන් ඔහුට නඩු පවරන්න බැරි?

මලික් සමරවික්‍රම –
එහෙම වංචා දූෂණවලට නෙවෙයි මේවා කියන්නේ. ඒගොල්ලන් කරන වැඩවලින් ප්‍රශ්නයක් ඇතිවෙලා
තියෙනවා නම් වංචා දූෂණ පිළිබඳව ඕනෑම වෙලාවක

මා‍ධ්‍යවේදී ප්‍රශ්නය –
දැන් මොනවගේ වැඩක් ද ඔබතුමා කියන්නේ?
මේ පනතේ සඳහන් වෙනවා සද්භා‍වයෙන් කරන කටයුතු කියලා. සද්භාවය කොහොම ද අර්ථ දක්වන්නේ? දැන් හිටපු රජය කියන්නේ සද්භාවයෙන් තමයි කරලා තියෙන්නේ ඔබතුමන්ලා නඩු පවරලා ඔවුන් වැරදි කළා කියලා කියන්නේ. මේ දේම වෙන්න පුළුවන් කියලයි මං කියන්නේ.

මලික් සමරවික්‍රම –
මම නම් හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා. අපේ අදහස එහෙම නෙවෙයි අපි මේ ආණ්ඩුව හදලා තියෙන්නේ හොරකම්
කරන්නවත් නෙවෙයි සැබැ වෙනසක් කරන්න කියලා. අලුත් විදිහට හිතලා අලුත් තරුණ තරුණියන්ගේ
අනාගතය ගැන හිතලා වෙනස් විදිහට වැඩ කරන්න අපි ලෑස්තියි.

මා‍ධ්‍යවේදී ප්‍රශ්නය –
ඇමතිතුමා දැන් ඔබතුමා ඔබතුමා හිතන්නේ නැහැ කිව්වට දැන් මහ බැංකුවේ වංචාවක් වෙලා තියෙනවානේ.

මලික් සමරවික්‍රම –
දැන් එකේ ඉන්කුවරි එකක් තියෙනවානේ. දැන් ඒ.ජී. ඩිපාට්මන්ට ඒකේ තියෙන්නේ එගොල්ලන් ඒකෙන්
පරික්ෂණයක් පවත්වාගෙන යයි.

මා‍ධ්‍යවේදී ප්‍රශ්නය –
අපිට හිතන්න බැරි ද මේ වගේ දේවලුත් ඉස්සරහට වෙයි කියලා?

මලික් සමරවික්‍රම –
නෑ ඉතින් එහෙම වෙනවා නම් ඒවට නඩු දාන්න පුළුවන්

මා‍ධ්‍යවේදී ප්‍රශ්නය –
ඒකත් මහ බැංකු අධිපතිතුමා සද්භාවයෙන් කරලා එහෙම වුණා ද
දන්නේ නැහැ නේද?

මලික් සමරවික්‍රම –
එහෙම කියන්න බෑනේ. දැන් එහෙම මොනවා හරි තියෙනවා නම් දැන් ඉන්වෙස්ටිගේෂන් එකක් යනවානේ.

මා‍ධ්‍යවේදී ප්‍රශ්නය –
ඇමතිතුමා ‍පළාත් සභා මේ පනතට විරුද්ධයි කියනවානේ.

මලික් සමරවික්‍රම –
ඒ ගැන මං හිතන්නේ ඒගොල්ලන්ට හරි අවබෝධයක් නැති නිසා මේ සිකුරාදා අගමැතිතුමා ඒ ඇමතිතුමන්ලා එක්කත්
සාකච්ඡා කරනවා. ඒ‍ගොල්ලන්ගේ බලතල ගන්න කිසිම අදහසක් නැහැ.

මා‍ධ්‍යවේදී ප්‍රශ්නය –
ජනාධිපතිවරයා මේකට එකඟ ද?

මලික් සමරවික්‍රම –
ජනාධිපතිත් එකඟයි. නැත්නම් කැබිනට් එකේ කොහොම ද අනුමත වෙන්නේ? සුපිරි ඇමතිකම් කාටවත් අවශ්‍ය නැහැ. අපි ඒකට විරුද්ධයි. අපිත් දැකලා තියෙනවා ඔය සුපිරි ඇමතිකම් බැසිල්ලා‍ වාගේ ඉඳලා වුණ වැඩේ.

මා‍ධ්‍යවේදී ප්‍රශ්නය –
කවද්ද පාර්ලිමේන්තුවට ගෙන්නේ මේ පනත?

මලික් සමරවික්‍රම –
අපි බලාපොරොත්තු වෙනවා පෙබරවාරි මාසයේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.