Header Ads

ලොකු වුණහම කරන දේ සිදූ ඩ්‍රාමා එකේ ඉන්න පොඩි හාමුදුරු කියයි

දෙරණ රූපවාහිනියේ යන සීදූ ඩ්‍රාමා එකේ ඉන්න සෝරත පොඩි හාමුදුරුවෝ දැන් මුළු රටම වගේ දන්නවා. රටේ බොහෝ අය ආගම් භේදයකින් තොරව මේ ඩ්‍රාමා එක
 නරඹන්නේ සොරත පොඩි හාමුදුරුවන්ගේ රගපෑම බලන්නයි. සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතයට පණ පොවන කවිෂ් පුතා ගැන මේ සටහන
සෝරත පොඩි හාමුදුරු කියලා කතා කළාම ඇහුණේ නැහැ වගේ හිටියා. ඒ නිසාම නමින් කතා කළා. කවිෂ් කොහොමද? 
හොදයි. ඔහුගෙන් කෙටි උත්තරයක් ලැබුණා.
සෝරත පොඩි හාමුදුරුවෝ කියද්දි ඇහුණේ නැහැ වගේ හිටියේ ඇයි..? 
මම පොඩි සාදු නෙමෙයි. මම දැන් කවිෂ්. සිවුරු ගලවලානේ ඉන්නේ. සිවුර දැම්ම වෙලාවට තමයි පොඩි සාදු වෙන්නේ.
ඉස්කෝලේ යාළුවෝ වගේම ගොඩක් අය කතා කරන්නේ එහෙම නේද? 
ඔව් මම ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. මගේ නම කිව්වොත් කතා කරනවා. මම දුවනවා. එයාලත් පස්සෙන් ඇවිත් මාව අල්ලනවා. මට සෙල්ලම් කරන්නත් දෙන්නේ නැහැ.
කවිෂ් කැමැති නැද්ද කවිෂ්ට ගොඩක් අය ආදරේ කරනවට..? 
කැමැතියි. මට කරදර කරනවනේ. මම ඒකට කැමැති නැහැ. මම ටී.වී බලද්දි සෙල්ලම් කරද්දි කවුරුවත් කරදර කරනවට කැමැති නැහැ. අපි ළගදී දවසක පන්සල් ගියා. ආන්ටි කෙනෙක් මගේ ළගට ඇවිත් කිව්වා පුතා සිවුරු පෙරවගෙන හිටියා නම් ඇත්තටම වදිනවා කියලා.
සෝරත හාමුදුරුවන්ට රගපාන සිදූ නාට්‍ය කවිෂ් බලන්නේ නැද්ද? 
බලනවා. මම ආසයි ඒක ටී.වී එකේ යද්දි බලන්න.
කවිෂ් සිදූ නාට්‍ය බලද්දි හොදට රගපාලා තියෙනවා කියලා හිතෙනවද..? 
එහෙම විශේෂයෙන් මොකුත් හිතෙන්නේ නැහැ.
ලොකු හාමුදුරුවන්ට රගපාන ජයසිරි මාමට කවිෂ් බයයිලු..? 
ජයසිරි මාමාට මම ආදරෙයි. ලොකු හාමුදුරුවන්ට මම බයයිනේ. ඒවගේ ටිකක් බයයි ඉතිං. ඒත් මාමා හොදයි. මට කතා කරන්නේ සුදු මහත්තයෝ කියලා. ෂූටිං ඉවර වෙන වෙලාවට මාමා ළගට වෙලා ඉන්නවා. මාමා එක්ක සෙල්ලම් කරන්නේ නැහැ.
කවිෂ් ඉගෙන ගන්න දක්ෂයෙක් කියලා ආරංචියි. ලොකු වුණහම මොකද කරන්නේ? 
මම ඉංග්‍රීසි ක්ලාස් එකේ විභාග පහක් පාස් වුණා. මෙඩිල් පහක් ගත්තා. මම ගණිතය ඉගෙන ගන්නත් ආසයි. ලොකු වුණාට පස්සේ මම කාර්, බස් හදනවා. එතකොට ඉංජිනේරුවෙක් වෙයි.
එතකොට රගපාන්නේ නැද්ද? 
අම්මා කිව්වොත් රගපානවා. ඒත් නිවාඩු කාලෙට විතරයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.