Header Ads

සිංහලයින්ට සිදුවන අසාධාරණකම් ගැන ඇමැති විජේදාසගෙන් හෙළිදරව්වක්

රටක මහ ජාතිය හෝ සුළු ජාතිය තීරණය කළ යුත්තේ මුළු ජනගහණය සලකමින් නොව ජන කොටස්වල ප්‍රාදේශීය ව්‍යාප්තිය සලකමින් බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

මඩකලපුව ප්‍රදේශයේ ඊයේ කළ සංචාරයකින් පසු ඔහු පෙන්වා දුන්නේ ඇතැම් ප්‍රදේශවලදී සිංහල ජාතිය ද සුළු ජාතිය වන බවයි.

සිංහල ජාතිය සුළු ජාතියක් වන ප්‍රදේශවලදී සිංහලයන් මුහුණදෙන දුෂ්කරතා ගණනාවක් ද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෙහිදී පෙන්වා දුන්නා.

ඇතැම් ප්‍රදේශවල සිංහලයන් වෙනුවෙන් ප්‍රමාණවත් දේශපාලන නියෝජනයක් නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කිරීම සඳහා කිසිදු සිංහල මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ හෝ නැගෙනහිර පළාත් සභාවේ නොමැති බව ද මෙහිදී සිහිපත් කෙරුණා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.