Header Ads

පවුලේ හිතවතාට සැලකූ ආර්ජන්ටිනා හිටපු ජනපතිනිය අධිකරණය හමුවට.

ආර්ජන්ටිනා හිටපු ජනාධිපති ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස්ටට එරෙහිව එරට අධිකරණයේ නඩු පවරා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එරට අධිකරණය දූෂණ චෝදනා මත ඇයට එරෙහිව චෝදනා ගොනු කර ඇති බව ය.

හිටපු ජනපතිනියට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 633ක වත්කම් තහනම් කිරීමට ත් අධිකරණය නියෝග කර තිබේ.

සිය පවුලට සමීප ව්‍යාපාරිකයෙකුට රජයේ ඉදි කරීම් කොන්ත්‍රාත් ලබා දීම ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

ඇය ජනාධිපතිනියව සිටි සමයේ ආදාළ ව්‍යාපාරික සමාගමට රාජයේ ඉදිකිරීම් ව්‍යාපෘති 50ක පමණ ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් ඇය මීට පෙර එම එල්ල වූ එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණ.

මෙය දේශපාලන අරමුණකින් තමාට එරෙහිව චෝදනා නැගීමක් බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිනිය චෝදනා කළේ, මෙය වත්මන් ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණයක් බව ය.

හිටපු ජනපතිනියට අමතරව ඇගේ රජයේ තවත් ආමත්‍යවරුන් දෙදෙනෛකුට එරෙහිව ද දූෂණ චෝදනා මත නඩු පවරා තිබේ.

ෆර්නැන්ඩස් 2007 වසරේ සිට 2015 දක්වා දෙවතාවක් ආර්ජන්ටිනා ජනාධිපති ධුරයේ කටයුතු කර තිබේ.
ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් 2003 වසරේ සිට 2007 දක්වා ආර්ජන්ටිනා ජනාධිපති ධුරය හෙඹවූ අභාවප්‍රාප්ත ජනාධිපති නෙස්ටෝ කර්ෂ්නර්ගේ බිරිඳ වේ.
මිතුරන් අතරේ බෙදාගන්න. ඔබේ අදහසත් එක්කරන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.