Header Ads

‘යෝජිත ව්‍යස්ථාව රට බෙදන ලියවිල්ලක් නොවෙයි’ ජනපතිගෙන් ප්‍රකාශයක්

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව රට බෙදන ලියවිල්ලක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අස්ගිරි මහ නාහිමියන්ට සහතික වී තිබේ.
මේ පිළිබඳව ඇතැමුන් කුමන මත පළ කළ ද ඉන් රටේ ඒකීය භාවය හෝ සම්බුද්ධ ශාසනයට කිසිදු හානියක් නොවන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුටත් පවසා ඇත.
ජනාධිපතිවරයා අස්ගිරි මහ නාහිමියන්ට පවසා ඇත්තේ, එවන් කිසිදු ක්‍රියාමාර්ගයකට තම ධුර කාලය තුළ ඉඩ නොතබන බවය.
කිසිදු අවස්ථාවක ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් තොරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොව එහි කෙටුම්පතක්වත් සැකසීමට සූදානම් නැතැයි, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
ජනාධිපතිවරයා අස්ගිරි මහනා හිමියන්ට පෙන්වා දෙන්නේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසි සේත් තනි මතයට සකස් කරන ලියවිල්ලක් නොව මහජන නියෝජිතයින් විද්වතුන් මෙන්ම මහජනතාවගේ ද අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සකස් කරන්නක් බව ය.
අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා අනතුරුව නව වසර වෙනුවෙන් ඓතිහාසික දළඳා සමිඳුන් වැඳපුදා ගත්තේ ය.

පසුව මල්වතු විහාරය වෙත ගොස් මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් ද බැහැදුටුවේ ය.

 එහිදී ජනාධිපතිවරයා රට දිළිඳු බවින් නිදහස් කර ගනිමින් ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට 2017 වසරේ සිට ආරම්භ කරන වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිවරයා මල්වතු මහානාහිමියන් දැනුවත් කළේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.