Header Ads

ආසියාව කැලඹේ - ඉන්දියාව මිසයිලයක් අත්හදා බලයි.

ආසියාවේ ඕනෑම තැනක් ඉලක්ක කළ හැකි අග්නි 5 මිසයිලය ඉන්දියාවේ ඔඩිෂා වෙරළේ අබ්දුල් කලාම් දූපතේ දී අත්හදා බැලූ බව ඉන්දියාව කියයි. 

භාරතයේ ස්වදේශීය නිෂ්පාදනයක් වන මෙම අන්තර් මහාද්වීපික මිසයිලය න්‍යෂ්ටික බලයෙන් පොළොවේ එක් තැනක සිට තවත් තැනකට යැවිය හැකි බව ඉන්දියාව පවසයි. 

ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානය මෙම මිසයිලය නිෂ්පාදනය කළේය. මීටර් 17ක් උස අග්නි 5 මිසයිලය ටොන් 50ක් බර බවත් ටොන් 15ක පමණ න්‍යෂ්ටික බෝම්බ කිලෝමීටර් 5000ක් දුරට රැගෙන යා හැකි බවත් ඉන්දියාව කියයි.

ආසියාවේ ඕනෑම ඉලක්කයකට ද අප්‍රිකාව යුරෝපය හා චීනයේ බහුතර ප්‍රදේශයකට ද මෙම මිසයිලයට ළඟාවිය හැකි බව ඉන්දියාව කියයි. අග්නි 5 මිසයිලයේ අවසන් අත්හදා බැලීමත් සමග ඉන්දියාව දැන් එවැනි හපන්කම් පෙන්විය හැකි රටවල් කිහිපයෙන් එකකි. 

චීනයේ උතුරු කෙළවරටම ගමන් කළ හැකි අග්නි 5 න්‍යෂ්ටික බලය සහිත මිසයිලයකි. කිලෝ මීටර් 5000ක් ගමන් කළ හැකි මෙම මිසයිලය අද පෙරවරු 11ට අත්හදා බැලීය. ඉන්දියාවේ යුදෝපායික බලඟන සේනාංකයට අනාගතයේදී එක්කර ගැනීමට නියමිතය.

මේ අතරම මිසයිල තාක්ෂණය හිමි රටවල් 34ට ඉන්දියාව එකතුවේ. ඉන්දියාවේ න්‍යෂ්ඨික අවි ඇතුළත් ක්‍රමෝපායික බළගණ සේනාංකයට ඉන්දියාවේ යුද, නාවික හා ගුවන් හමුදා අයත්වේ. එම සේනාංකය 2003 දී පිහිටැවිණි.

මිසයිලයේ ක්‍රියාවලිය මිනිත්තු 10කින්  අවසන් වී යැයි ද සාර්ථක අසාර්ථක බව මැන බැලීම විද්‍යාඥයන් විසින් අරඹා ඇතැයි ද ඉන්දියාවේ එන්ඩීටීවී රූපවාහිනිය කියයි. ඉන්දියන් සාගරයේ දකුණු දිග පෙදෙසකට මිසයිලය පතිත වන්නට ඇතැයි විද්‍යාඥයෝ කියති.





No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.