Header Ads

නළුවා මට කණ පිරෙන්නම පාරක් ගැහුවා - ඇස්වලින් කඳුළුත් ගැලුවා

ඇය ‍උදාරි පෙරේරා ගේ නැගණිය ලෙස හඳුන්වා දුන්නොත් ඔබ ඇය ඉක්මනින් හඳුනා ගනීවි. ප්‍රවේගය චිත්‍රපටය හරහා රංගන ශේත්‍රයට පිවිසුණු උදාරි පෙරේරා
 දැන් කා අතරත් ජනප්‍රිය නිළියක්. පසුගිය දවසක තම සොයුරියගේ අඩි පාරේ යමින් උදාරිගේ නැගණියත් සිනමා රංගනයට අවතීර්ණ වූ බව අපිට දැන ගන්නට ලැබුණා. 
ඇය තමයි ශෙහානි පෙරේරා. ශෙහානි ඇගේ රංගනයන් හා හා පුරා කියා එළිදක්වන්නට සූදානම් වන්නේ ‘Face to Face’ චිත්‍රපටය ඔස්සේයි. මේ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ශෙහානි මුහුණ දුන් අපූරු සිදුවීමක් අපිටත් දැනගන්නට ලැබුණා. 
“මම මේ චිත්‍රපටයේ රඟපාන්නේ මාධ්‍යවේදිනියක ගේ චරිතයක්. මේ චරිතය තරමක් අභියෝගාත්මකයි. මොකද මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටයක් නිසා හැම වෙලේම වගේ සටන් කරගන්න තිබෙනවා. කොහොම හරි මටත් සටන් ජවනිකාවක් තිබුණා. එය මැරයන් පිරිසක් සමඟ සටන් කිරීමක්. ඔන්න මැරයෙක් එක්ක ගහ ගන්න එකක් ෂූට් කරන්න තිබුණා. රියසල් එකේ දී මැරයට රඟපාන නළුවා මගේ මුහුණට ඉතාම හෙමින් තමයි පහර දුන්නේ. මෙන්න ඩිරෙක්ටර් ඇක්ෂන් කිව්වා විතරයි මේ නළුවා මගේ මූණ හරහා මගේ කණ පිරෙන්නම පාරක් ගැහුවා. ඒ පාරේ සැර කොච්චර ද කියනවා නම් මගේ ඇස්වලින් කඳුළු ගැලුවා. ඒ තරමටම මට රිඳුණා."
මේ පුවත පිලිබඳ ඔබේ අදසත් එකතුකරන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.