Header Ads

“ප්‍රභාකරන් හිටියා නම් අද අගමැති”

එල්.ටී.ටී.ඊ. නායකයා වූ වේලුපිල්ලේ ප‍්‍රභාකරන් අද ජීවත්ව සිටියා නම් අග‍්‍රාමාත්‍ය ධුරයට හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයකට වුවද ඔහු සුදුසු වන බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පවසනවා.
නමුත් අවාසනාවකට එසේ නොවූ බවයි කිිලිනොච්චිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (28) සවස පැවති උත්සවයකදී ඇය කියා සිටියේ. ගිනි ගැනීමකින් විනාශයට ලක්වූ  කිලිනොච්චිය පොදු වෙළද සංකීර්ණයේ වෙළඳුන් හට  නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් වන්දි පිරිනැමීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා.
ප‍්‍රභාකරන් යනු වත්මන් ලෝක නායකයින් සමග සැසඳීමේදී පෞර්ෂත්වයෙන් හා වීරත්වයෙන් පිරිපුන් අයෙකු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
ප‍්‍රභාකරන්ගේ මරණයෙන් පසු දෙමළ ජනතාව අසරණ වී සිටින බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විජයකලා මහේෂ්වරන් මෙසේද පැවසුවා,
“ජනාධිපතිවරයා හා අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානය සමගින් එකතු වී යහපාලන ගමනක් ආරම්භ කර තිබෙනවා. උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම රජයේ අරමුණයි. අප ඡන්ද ගැනීමේ අරමුණින් මේ දේ සිදුකරන්නේ නැහැ. පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මෙහි සිදුවුණේ මොනාද කියල හැමෝම දන්නවා. උතුරේ අවංකව වැඩ කරන ග්‍රාම නිලදාරීන් දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් කියල සේවයෙන් පහ කර දැමුවා. අද සිටින අපගේ ජනාධිපතිවරුන් සමගින් සසදා බැලුවොත් ප්‍රභාකරන් මෙන් නායකයෙක් සොයාගන්නට වත් බැහැ.” 
මෙම උත්සවය සදහා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන්, උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, යාපනය දිසා ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් ඇතුළු පිරිසක් එක්ව සිටියා. වන්දි පිරිනැමීම සඳහා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 74 ක් වෙන්කර තිබුණා.
උපුටාගැනීම - නෙත් නිව්ස්

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.