Header Ads

ලසන්ත සමඟ දුරකථන සංවාදය: "යම් සත්‍යයක් තිබෙනවා"

හිටපු ජනාධිපතිවරයා සහ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග අතර සිදුවූ බව පැවසෙන දුරකථන සංවාදයක හඬ පටයක් අන්තර්ජාලයට නිකුත්වී ඇති අතර එහි "යම් සත්‍යයක්" ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිළිගත්තේය.
2008 වසරේ සිදුවූ බවට පළවී ඇති මෙම දුරකථන සංවාදය පිළිබඳව මාධ්‍යවේදීහු අද (දෙසැ. 21) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් විමසීමක් කළහ.
"යම් කිසි සත්‍යයක් තියෙනවා, මම කතා කරනවනේ එයාට, මට මතක නැහැ ඕක කතා කරාද කියලා, නමුත් එතුමත් එක්ක මම නිතරම කතා කරනවා ඒක අලුත් දෙයක් නෙවෙයි" යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.
කතාකරන සියළු දේ පටිගතකිරීමේ පුරුද්දක් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගට තිබුණු බව හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.
රජයේ කටයුතු පිළිබඳව සහ සන්ඩේ ලීඩර් පුවත්පතේ එවකට පළකළ ලිපියක් ගැන ඇතිවූ සුහද සංවාදයක් එම හඬ පටයේ ඇතුළත් වේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.