Header Ads

තාජුඩීන්ගේ ඝාතනය ගැන තවත් හෝඩුවාවක්

රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතනය කෙරුණු දින රාති‍්‍රයේ ඔහුගේ වාහනය පිටුපසින් පැමිණි තවත් වාහනයක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි මෙම විමර්ශනය සිදු කෙරෙන්නේ.

තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් නඩුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයේ අද (14) කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව කියාසිටියා.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජේ්‍යෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

2 comments:

  1. ෂුවර් එකටම නාමල්ගේ වාහනේ වෙන්න ඇති

    ReplyDelete
  2. ඔව් අනිවා

    ReplyDelete

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.