Header Ads

සීතල නිසා යුරෝපයේ 20ක් මරුට

යුරෝපයේ මේ වන විට පැතිර තිබෙන අධික සීතල දේශගුණය හේතුවෙන් සිදුවී ඇති මරණ 20 දක්වා ඉහල ගොස් ඇතැයි වාර්තා වේ.
පසුගිය ඉරිදා දිනයේදී පෝලන්තයෙන් මරණ 10ක් වාර්තා වී ඇති අතර, තවත් මරණ ඉතාලිය, චෙක් රාජ්‍යය හා යුක්රේනයෙන් වාර්තා වේ.
කලාපය පුරාවටම ගුවන්ගමන් රැසක් අවලංගු කර ඇති අතර, සර්බියාවේ ඩැනියුබ් නදිය හරහා සිදුකරන සියළු ගමනාගමන සේවා අත්හිටුවා තිබේ.
රුසියාවේ ඇතැම් පළාත් වල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 40ක් දක්වා බැස ඇති අතර, සාමාන්‍යයෙන් සෞම්‍ය ශීත කාලයක් වාර්තා වන ග්‍රීසියෙන් පවා මෙවර හිමපතනය වාර්තා වේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.