Header Ads

ගල් අඟුරු මගඩිය රුපියල් බිලියන 4 යි - විගණකාධිපති තහවුරු කරයි


පසුගිය කාලයේ බරපතළ කතා බහකට ලක් වුණු ස්විස් සිංගප්පූරු ඕවර්සීස් සමාගම වෙත නීති විරෝධීව ලබා දුන් ගල් අඟුරු ටෙන්ඩරය සහ පසුගිය කාලයේ දී ගල් අඟුරු සම්බන්ධයෙන් සිදුව තිබෙන දූෂිත ගනුදෙනු නිසා රජයට වූ පාඩුව රුපියල් බිලියන 4.145 ක් ඉක්මවන බව මේ සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ විශේෂ විගණන වාර්තාව සඳහන් කර තිබේ.

මෙම විගණන වාර්තාව 2009 වසරේ සිට 2016 ජුනි දක්වා කාලය තුළ ලංකා ගල් අඟුරු සමාගම හරහා සිදු කළ ප්‍රසම්පාදන (ටෙන්ඩර්) සම්බන්ධයෙන් කළ පුළුල් විමර්ශනයකින් අනතුරුව පසුගිය දෙසැම්බර් 30 වන දින නිකුත් කර ඇත. 

මෙහි දී වැඩි අවධානයක් යොමු කර තිබුණේ අවසන් වතාවට දීර්ඝකාලීන ටෙන්ඩර් ක‍්‍රමය යටතේ ස්විස් සිංගප්පූරු සමාගමට ලබා දුන් ටෙන්ඩරය සම්බන්ධයෙනි. ඉතා දූෂිතම ගනුදෙනුවක් වූ  මෙම ටෙන්ඩරය ලබා දීමට ආණ්ඩුව කටයුතු කරනු ලැබුවේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.