Header Ads

දරුකමට නෙදර්ලන්තයට ගිය ලංකාවේ දියණියකගෙන් ඉල්ලීමක්

මේ සේයාරුවේ සිටින සනේ රොෂානේ නෙදර්ලන්ත තරුණියකි. එහෙත් ඇත්තටම ඇය උපන්නේ නෙදර්ලන්තයේ නොවේ. ශ්‍රී ලංකාවේදීය. 1987 දී පමණ වරකාපොළ (ගලපිටමඩ) ප්‍රදේශයේ මවකගේ කුසින් රත්නපුර රෝහලේදී මෙලොව එළිය දුටු ඇයට කිසියම් හේතුවක් නිසා මවගෙන් වෙන්වී දරුකමට හදා ගැනීම සඳහා නෙදර්ලන්තය බලා යෑමට සිදුවිය. ඒ ඉපදී සති දෙකකිනි.
හැම අතින්ම හොඳ සැපවත් ලෙස හැදී වැඩුණු ඇයට වයස අවුරුදු 25ක් පමණ වන විට මෙවැනි බොහෝ දරුවන්ට මෙන් තම වැදූ මව සොයා ගැනීමේ ආශාවක් උපන්නාය. ඇය ඒ වෙනුවෙන් දෙවතාවක් ශ්‍රී ලංකාවට පැමිණියාය. බොහෝ වියදම් කළාය. ඒ අවස්ථාවලදී ඇයට නොයෙක් වංචාවන්ට රැවටීම්වලටද ලක්වන්නට සිදුවිය. ඇගේ නෙදර්ලන්ත ජාතික මවුපියන්ට එකල දී ඇති තොරතුරු නිවැරැදි සහ විශ්වසනීය මූලයන් නොවීම ඊට මූලික හේතුව විය. කෙසේ නමුත් අවසානයේ රොෂානේ ජයග්‍රහණය කළාය. ච්ව්ඒ පරීක්ෂණයකින් ද අනතුරුව සිය වැදූ මව සොයා ගත්තාය.
දැන් ඇය ඇගේ නෙදර්ලන්ත ජාතික මවුපියන් සහ කාලයක සිට දරුකමට හදා ගැනීම සඳහා පිටරටවලට ගෙනයන ලද ශ්‍රී ලංකේය දරුවන් සම්බන්ධයෙන් සිය අත්දැකීම් අලළා පොතක් ලිවීමට අදහස් කරන්නීය. මෙවැනි අම්මලාගෙන් සහ අදාළ පවුල්වලින් ඇය ඒ ගැන තොරතුරු ඉල්ලා සිටින්නීය. 0117566566 දුරකතනයෙන් ඔබට ඒ සඳහා සම්බන්ධ විය හැකිය.
උපුටාගැනීම - මව්බිම

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.