Header Ads

වෙනීසියේ පාරාදීසය හිඳෙයි

ජලය මත ඉදිකර තිබෙන ලෝක ප්‍රසිද්ධ ඉතාලියේ වෙනීස් නගර‍යේ ඇති ජලය මේ වනවිට සම්පූර්ණයෙන්ම වාගේ හිඳී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝකයේ බොහෝ පිරිසකගේ සංචාරක පාරාදීසයක් වන වෙනිස් නගරය තුළ ගමනාගමනය සම්පූර්ණයෙන්ම වාගේ සිදු වන්නේ බෝට්ටු මගින් වේ. මේ වනවිට ජලය සිදී යෑමත් සමග බෝට්ටු ගමනාගමනය  අඩාල වී ඇති බව පැවසෙන අතර වෙනීස් නගරය තුළ සංචාරකයින්ගේ ගමනාගමනයටද ඉන් බාධා සිදුවී ඇති බව පැවසේ. 

මෑත ඉතිහාසයේ වෙනීසියේ ජලය හිදී ගිය දෙවැනි අවස්ථාව මෙය බව වාර්තා වේ.




No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.