Header Ads

ජනපති ට්‍රම්ප් අමෙරිකානු නීතිපතිනිය සේවයෙන් පහ කරයි.


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වැඩබලන නීතිපතිනිය සේවයෙන් පහ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සංක්‍රමණිකයින් සම්බන්ධ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිවල නිත්‍යනුකූල භාවය ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇය මෙලෙස සේවයෙන් පහකර ඇති බව ය.

සාලි යේට්ස් නම් නීතිපතිවරිය පත් කෙරුණේ, හිටපු ජනපති බැරක් ඔබාමා විසිනි.

ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ, ඇය දෙපාර්තමේන්තුවේ විශ්වාසය කඩකර ඇති බව ය.

මේ අතර සාලි යේට්ස් පවසන්නේ, ජනාධිපතිවරයාගේ නියෝගය නිත්‍යනුකූල නොවන බව ත් තමා තවදුරටත් අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩබලන නීතිපතිනිය බවත් ය.

එහෙත් ධවල මන්දිරය පවසන්නේ, අමෙරිකානු වැසියන් ආරක්ෂාව වෙනුවෙන් සකස් කළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සහය නොදීම තුළින් ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ විශ්වාසය පළුඳු කර ඇති බව ය.

මේ අතර වර්ජිනියාහි නීතිපනිය ලෙස සේවය කළ ඩෙවිනා බෝඑන්ටේ නීතිපති දෙපාර්තමේන්තුවේ නව වැඩබලන නීතිපතිනිය ලෙස පත් කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.