Header Ads

සෝනම්ගේ පෙම් හුටපටය එළියට


වෙනස්ම වූ ආකර්ෂණීය ඇඳුම් විලාසිතා නිසා බොලිවුඩයේ නිතර කතාබහට ලක්වෙන සෝනම් කපූර් මේ දවස්වල කතාබහට ලක්වෙලා තියෙන්නේ අලුත් කතාවක් එක්ක. ඇගේ පෙම්වතා ගැන තමයි මේ කතා හැදිලා තියෙන්නේ.
Anand Ahuja සමඟ ඇය කාලය ගත කරන්නේ අවුරුදු 2කටත් පෙර සිටයි. මොහු බොලිවුඩ් තරුවක් නෙවෙයි. ඔහු දිල්ලියේ ප්‍රසිද්ධ විලාසිතා සම්බන්ධ ආයතනයක හිමිකරුවෙක්. සෝනම්, ආනන්ද්ගේ ඇඳුම් විලාසිතා දැක්මවලට නිරූපිකාවක් ලෙස පෙනී සිටීමත් මොවුන්ගේ පෙම් කතාවට මුල පිරීමක් වුණා.
මේ යුවළ නැවතත් කතාබහට ලක්වෙන්නේ පසුගිය දිනෙක සමාජජාලවල පළ වුණු ඡායාරූප කිහිපයක් නිසයි. අනිල් කපූර්ගේ උපන්දින සාදය ලන්ඩන් නුවර පැවැත්වුණේ මෑතකදීයි. සෝනම් තම පියාට උපන්දින සුබපැතුම් එක් කරන්නට ලන්ඩන් නුවර සාදයට එක් වුණත් ඇය පසුදිනම Anand Ahuja  සමඟ කෙටි නිවාඩුවකට ඇමිස්ටර්ඩෑම්වලට පිටත්වීම නම් හැමෝටම පුදුමයක් වුණා. ආනන්ද් හා සෝනම් එකට පෙනී සිටි ඡායාරූප කිහිපයක් පළ වුණත් මෙය කාගේත් අවධානය දිනාගත්තේ මෙයට ආනන්ද් එක් කළ comment කිහිපයක් නිසයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.