Header Ads

හිරුණිකා මහින්ද එක්ක කතා නොකිරීම හා කතා කිරීම ඡායාරූපයේ දෙවන කොටස

පසුගියදා අන්තර්ජාලය පුරා ප්‍රචාරය වූ ඡායාරූපයකින් කියා තිබුනේ අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මැතිතුමන්ගේ අවමංගල්‍යය අතරතුර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දෙදෙනා එක ළඟ වාඩිවූ අවස්ථාවක හිරුණිකාට දේශපාලන ප්‍රශ්න නිසා මහින්ද සමගකතාකරගන්නට බැරිව අපහසුතාවයට පත්වූ විලාසයකි.

නමුත් එකී ඡායාරූපය ලබාගත් තැනැත්තාම ඉන් ටික වේලාවකට පසු තවත් ඡායාරූපයක් ලබාගෙන ඇත්තේ මහින්ද හා හිරුණිකා සුහද පිළිසඳරේ යෙදෙන අයුරුය.

ආන්දෝලනය ඇති කළේ ඉදිරිපත්කර තිබුනේ පළමුවැන්න පමණක් වූ නිසාය. මෙම ඡායාරූප ලබාගත් තැනත්තාම අනෙක් ඡායාරූපයත් අන්තර්ජාල වෙබ් අඩවිවලට පසුව නිකුත්කර තිබුනි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.