Header Ads

රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව ජවිපෙන් සටන් රැසක්

රටේ සම්පත් හා රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකිණීම, විදේශ සමාගම්වලට රටේ සම්පත් පැවැරීම සහ ජනතාව මත බර පැටවීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ මෙම සතියේ සිට සටන් ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ජවිපෙ ප්‍රධාන ‍ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ අනුව එහි ආරම්භක පියවර 04 වැනිදා රට පුරා ‍පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරමින් ජනතාව දැනුවත් කිරීමත් 05 වැනිදා හම්බන්තොට නගරයේදී දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්වීමටත් කටයුතු සූදානම් කර තිබෙන බව ටිල්වින්  සිල්වා මහතා පැවැසීය.

ඉන් අනතුරුව රට පුරා අඛණ්ඩ ක්‍රියා මාර්ග රැසක් ගැනීමට කටයුතු සූදානම් කර තිබෙන බවත් මෙම වසර ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ සටන් කරන සටන් දිනන වසරක් බවට පත් කරන බව ඒ මහතා කීය. 

හම්බන්තොට වරාය, කොළඹ වරායේනැගෙනහිර ජැටිය, හම්බන්තොට හා මොණරාගල ඉඩම් අක්කර 15,000ක් විදේශ සමාගමකට පැවැරීමට කටයුතු කිරීම, පුල්මුඩේ ඛනිජ වැලි නිධිය, කහටගහ පතල, එයාර් ලංකා ඇතුළු රටේ සම්පත් ගණනාවක් මෙසේ කුණු කොල්ලයට විකිණීමට, පැවැරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ග ගන්නා බවත් එම ක්‍රියාමාර්ග නතර කරන තුරු අදාළ සටන් අඛණ්ඩව පවත්වාගෙන යන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.