Header Ads

බලු සුරතලාට පහරදීම නිසා ළඟම මිතුරාගේ ජීවිතය නැති කළ පුද්ගලයෙක්

හොරණ වගවත්ත ප්‍රදේශයේදි මැණික් පතලක සේවකයෙකු තවත් සේවකයෙකු ඝාතනය කරලා.
දෙන්නා අතර ඊයේ (01) රෑ ඇතිවෙච්ච රණ්ඩුවක් දුරදිග යෑමෙන් තමයි මේ ඝාතනය සිදුවෙලා තියෙන්නේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා ඝාතනය කළ පුද්ගලයාගේ බලු සුරතලාට පහරදීලා.
ඒ ගැන ඇතිවුනු කතාබහකට තමයි දෙන්නා රණ්ඩුවෙලා තියෙන්නේ.
මේ අවාසනාවන්ත සිද්ධියෙන් ඝාතනයට ලක්වුනේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.
ඝාතනය සිදුකළ පතල් මිතුරා සිද්ධිය වූ ස්ථානයේදීම අද උදෑසන පොලීසිය අත්අඩංගුවට ගත්තා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.