Header Ads

උමතු කතුන්ගේ යහනට ගොඩවන පොඩි කොල්ලන්

නියම් පෙමට ලොල් වී බාලවයස්කරුවකු සමග පැනගිය දෙදරු මව……
මීට කලකට ඉහතදී කඩවත ප්‍රදේශයේ හුන් ගුරුවරියක් පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු සමග අඹුසැමියන් ලෙස දිවි ගෙවූ කතාවක් මී අසන්නට ලැබුණි. ඒ සබඳතාව කෙතරම් දුර දිග ගියේ දැයි කිවහොත් අවසානයේ දී එම ගුරුවරිය ළාබාල  සිසුවා සමග පැන ගියා ය. මේ නිසා සිසුවාගේ පියා ‍පොලීසි ගියේ ගුරුවරියගෙන් තම දරුවා බේරාදෙන ලෙස ආයාචනා කරමිනි. මේ අසම්මත කතාවේඋණුසුම මැකී යන්නට මත්තෙන් තවත් එවැනි සිද්ධියක් අනුරාධපුරයෙන්අසන්නට ලැබුණි.

ඒ රාත්‍රියේ  නිවසේ තනියට පැමිණි ළාබාල පාසල් සිසුවෙකු ලිංගික ඇසුරකට ‍පොළඹවා ගත් විවාහක කාන්තාවක් පිළිබඳ පුවතකි. ආරක්ෂක අංශයේ සේවය කළ සැමියා  රාත්‍රියේ නිවසේ නොමැති බැවින් මේ කාන්තාව අසල්වැසි නිවසේ විසූ පාසල් සිසුවෙකු මුලින් මුලින් නිවසට කැඳවා ගත්තේ තනි රකින්නටය. ටික දොහක් යන විට එම සිසුවා පාස‍ලේ වෙනත් සිසුවෙකු යොදා ගනිමින් ලිංගික ක්‍රියාවන් කළේය. මෙය දුටු  සිසුවාගේ දෙමාපියෝ ඒ ගැන සිසුවාගෙන් විමසූ විට පවසා තිබුණේ ඒ ක්‍රියාව තමන්ට ඉගැන්වූයේ අසල්වැසි කාන්තාව බවය.
මේ ගැන දෙමාපියන් ‍පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු හෙළි වූයේ තනි රකින්නට නිවසට ගෙන්වා ගත් සිසුවා සමග කාන්තාව කාලයක් පුරා අඹු සැමියන්  ලෙස හැසිරී ඇති බව ය. මේ අසම්මත සිද්ධින් දෙකේදීම ‍පොලීසිය කාන්තාවන් දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරුවේ  ළාබාල සිසුන්ට අතවර කිරීමේ චෝදනාවට ය. ඒ කාන්තාවක් වුවද ළාබාල  පිරිමියකු ලිංගික ඇසුරට යොදා ගන්නවා නම් එය දූෂණයක් වන බැවිනි.
එවැනි තවත් සිද්ධියක් ගිය සතියේ ගාල්ලේ බද්දේගමින් අසන්නට ලැබුණි. මේ පිළිබදව මිට පෙර පුවතක් ලෙස අප අදාළ සිදුවීම පිළිබදව සටහන් තැබුවා ඔබට මතක ඇති. මේ ඒ සිදුවීමේ තොරතුරු රැසක හෙළිදරව්වකි.
ගාල්ලේ බද්දේගම පදිංචි විසිහතර හැවිරිදි දෙදරු මවක් අතින් දූෂණය වී ඇති බවට පැවසෙන්නේ පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකි. ගාල්ල බද්දේගම ප්‍රදේශයෙන් සිදු වූ මේ සිද්ධියේ කතානායිකාව “නදීෂා” නමින් අපි උපකල්පනය කරමු. ඈ අතින් අතවරයට ලක්වූ පහළොස් හැවිරිදි සිසුවා “නාමල්” යනුවෙන් හඳුන්වමු.
විසි හතර හැවිරිදි වියේ පසු වූ දෙදරු මවක් වූ නදීෂා තම සැමියා සමග සතුටින් ජීවත් වූවා ය. ඇගේ සැමියා නිමල් ය. ඔහු සේවය කළේ පෞද්ගලික අංශයේ වතු සමාගමක සාමාන්‍ය වතු සේවකයකු ලෙසයි. දිනපතාම උදේ අවදි වී නිමල් වැඩට යන බැවින් නිවසේ හුන්නේ නදීෂාත් දරු දෙදෙනාත් පමණි. ඔවුන්ගෙන් වැඩිමලාගේ වයස අවුරුදු හයකි. බාලයා සිවු හැවිරිදි ය.
මේ අතරේ නදීෂාගේ අසල්වැසි නිවසේ හුන් නාමල් ඇයට උදව් කරන්නට නිවසට නිතර යන්න එන්නට පටන් ගත්තේ ය. 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය හැදෑරූ නාමල් හා නදීෂා අතර සම්බන්ධතාවයක් ඇතැයි ගම පුරා ප්‍රචාරය ගියේ මේ අතරේ ය. නමුත් මේ ගැන කිසිදු සැකයක් නිමල්ට තිබුණේ නැත. නිමල් මේ කතා ගැන ගණන් ගත්තේ නැත. ඊට හේතු වන්නට ඇත්තේ නාමල් තවමත් ළාබාල දරුවෙකු වීමත් නදීෂා තමා සමග සතුටින් ජීවිතය ගතකරන නිසා බව නිමල් සිතන්නට ඇත.
නදීෂා හා නාමල් අළලා ගම පුරා ඇසෙන කතා නාමල්ට මෙන්ම නදීෂාට හිසරදයක් විය. නමුත් ඔවුන් මේ ගැන කිසිවක් කතා කළේ නැත. දිගින් දිගටම මේ කතා ඇසෙන විට නාමල් නදීෂාට  අපූරු යෝජනාවක් කළේ ය. ඒ දෙදෙනාම  ගමෙන් පලාගොස්  වෙන කොහේ හෝ ගොස් ජීවත් වන්නට ය. මේ යෝජනාවට නදීෂා මුලින් කැමති වන්නේ නැත.
එනමුත් නාමල්ගේ මේ යෝජනාවට දිගින් දිගටම අකමැති වීමට නදීෂාට ශක්තියක් නොතිබුණි. අවසානයේ දී ඈ පාසල් යන වයසේ පසු වූ නාමල්ගේ යෝජනාට කැමැති විය. නාමල් පැමිණි ත්‍රීවීලරයට නැගුණු නදීෂා ඔහු සමග පලා ගියේ ය. කෙසේ නමුදු ඔවුන් පසුව ‍පොලීසියට පවසා තිබුණේ ගම්මු හැදූ කයිකතන්දර නිසා ගමෙන් පලා ගිය බ වය. එනමුත් ගම්මු කතන්දර හැදූ සැණින් වයස අවුරුදු හයක හා හතරක දරුවන් දෙදෙනෙකු නිවසේ දමා පාසල් සිසුවෙකු සමග නදීෂා පැනයාම ඒ හේතුව නිසාම වූවා යැයි  විශ්වාස කිරීමට අපහසු ය.
මේ අතර නිවසේ හුන් නාමල්ගේ අතුරුදන්වීම ගැන ඔහුගේ පියා කලබලයට පත්විය. ඒ ඔහුට තම පුතා ගැන පැතිරුණු ආරංචි ගැනද කනට වැටී තිබුණු බැවිනි. එබැවින් ඔහු තම පුතාගේ අතුරුදන්වීම ගැන බද්දේගම ‍පොලීසියට පැමිණිලි කළේ ය.
එනමුත් නාමල් ගැනවත් නදීෂා ගැනවත් හරි තොරතුරක් කාටවත් ලැබුණේ නැත. දින කිහිපයක් ගත විය. නදීෂාට හා නාමල්ට වියදම් කිරීමට අතමිට සරුවට තිබුණේ නැත.
මේ නිසා නදීෂා තම හිතවතෙකුට කතා කර පැවසුවේ තම බෑංකු ගිණුමට රුපියල් දෙදහසක් බැර කරන ලෙස ය. ඒ උදව්ව කරන ලෙස දන්වන අතරේ දී නදීෂා තමා සිටින තැනද හිතවතාට කීවේ ය.
නදීෂාත් පාසල් සිසුවාත් සිටින තැන ඔවුන්ගේ ඥාතීන් දැන ගන්නේ නදීෂාගේ හිතවතාගෙනි. ඒ අනුව ක්‍රියාත්මක වූ ‍පොලීසිය කතරගමට ගොස් නදීෂාත්, සිසුවාත් අත්අඩංගුවට ගෙන බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළහ.
එහිදි නදීෂාට එල්ල වී ඇත්තේ බරපතළ චෝදනාවකි. ඒ බාල වයස්කාර පිරිමි ළමයකු නීත්‍යනුකූල භාරකාරත්වයෙන් රැගෙන ගොස් අඹු සැමියන් ලෙස හැසිරී ඇති බවට ය. මෙකී චෝදනාව එල්ල වූ දෙදරු මව මේ වන විට සිටින්නේ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරය. බාල වයස්කාර දරුවාද මුදා හැරියේ ලක්ෂයක ශරීර ඇප මතය.
මේ සිද්ධියට සම්බන්ධ කාන්තාව ඇගේ සැමියාටද, පාසල් සිසුවා ඔහුගේ පියාටද භාරදෙන ලෙස බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න අධිකරණ නියෝගය නිකුත් කළේ ය.
නදීෂා ඇප මත මුදා හැරියද ඇයට එරෙහිව තිබෙන චෝදනාව බරපතළ ය. එකී චෝදනාව අධිකරණය ඉදිරියේ ඔප්පු වුවහොත් නදීෂාට සිදු වන්නේ මහ උළු ගෙදර ලුණු බතේ රස විඳීමට ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.