Header Ads

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන ජාත්‍යන්තරයෙන් තවත් වාර්තාවක් පිටවෙයි.

මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ධනාත්මක ආරම්භයක් ලබාගෙන ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසනවා.
2017 නව වසර සදහා එම සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ එය ශ්‍රී ලංකාව ගත් නිර්භීත ක්‍රියාවක් වන බවයි. ලෝකයේ රටවල් 90 ක මානව හිමිකම් සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය නව වාර්තාව මගින් කරුණු දක්වා තිඛෙනවා.
මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ඒවායේ් ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබද ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ප්‍රකාශ කිහිපයක් සිදුකර තිඛෙනවා. එම ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයකින් සිටින බවයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.
නව රජය බලයට පත් වී ගත වූ කාල සීමාව තුළ සිදු වූ සිද්ධීන් කිහිපයක් පිළිබද ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වී තිඛෙනවා. පැහැරගෙනයාම් සහ පහර දීම්වලට එරෙහි උද්ඝෝෂණ ඉන් කිහිපයක්. පොලිස් අත්අඩංගුවට පත් පුද්ගලයින්ට පහරදීම් සිදුව ඇති බවයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.
මෙම කරුණු සම්බන්ධයෙන් ලක් රජය කඩිනමින් අවධානය යොමුකළ යුතුයි. යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී රජය ලබාදුන් පොරොන්දු පිළිබදව ද අවධානය යොමු කළ යුතු බව එම වාර්තාවේ දැක්වෙනවා. රට තුළ නීතිය යහපත්ව පවත්වාගෙන යාමට කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බවයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.