Header Ads

උමා ඔය ව්‍යාපෘතිය නිසා දේපල අහිමිවුවන් වන්දි ඉල්ලා සත්‍යග්‍රහයක.


උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස හා දේපල අහිමි වූ ජනතාවට වහාම වන්දි මුදල් ලබාදෙන ලෙස ඉල්ලා බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබේ.

මෙහිදී මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ජනතාවට සහන සැලසීමට බලධාරීන් ලබාදුන් පොරොන්දු සියල්ලම මේ වනවිට පුස්සක් වී තිබෙන බවයි.

පසුගිය 15 වැනිදා වනවිට නිවාස අහිමි ජනතාවගෙන් 100 දෙනෙකුට නිවාස ලබාදෙන බවට පොරොන්දු ලබාදී තිබූ බවත්, එහෙත් එම පොරොන්දු මේ වනවිට කඩකර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.