Header Ads

රාජකීය පෙම් පුවත දෙදරයි.

ලොව පුරා මහත් සේ ජනප්‍රිය වූ රාජකීය පෙම් පුවතක උරුමක්කාරයන් වූ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු හා බිරිය කැමිලා පාකර් දික්කසාද වීමට සූදානම් වන බව වාර්තා වනවා.
මේ වනවිට ඔවුන් තනි තනිව සිය නීතිඥයන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්චා කර ඇති බවත් පැවසෙනවා.
මෙම තීරණය  මහ රැජිණගේ දැඩි කනගාටුවට හේතු වී ඇති බව වගේම  ඔවුන් දෙදෙනා නැවත සමගි කරවීමට ඇය ගත් සියලු උත්සාහයන් අසාර්ථක වෙලා ඇති බවත් මේ වෙද්දී වාර්තා වෙලා.
රිය අනතුරකින් මියගිය  ඩයනා කුමරිය චාල්ස්ගේ පළමු බිරියයි.
ඩයනා හමුවීමට  පෙර සිටම චාල්ස් හා කැමිලා අතර ප්‍රේමයක් තිබුණා.
නමුත්  කැමිලා පසුව වෙනත් අයකු හා විවාහ වී දරුවන් දෙදෙනකුද ලැබුවා.
ඩයනා හා විවාහ වීමෙන් පසුව යලිත් මේ ප්‍රේමය ඇතිවූ අතර චාල්ස් හා ඩයනා විවාහය බිඳීයාමටද එය හේතුවක් වුණා.
2005 වසරේදී චාල්ස් හා කැමිලා විවාහ වූ අතර දෙදෙනා දික්කසාද වීමට හේතුව කැමිලා වරින් වර චාල්ස්ගෙන් වෙන්වී  ඇගේ නිවසක වාසය කිරීමට යාම මෙන් ම චාල්ස් ගේ තවත් පෙම් සබඳතා හෙළිවීම බවයි පැවසෙන්නේ.

මිතුරන්ටත් බලන්න ශෙයා කරන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.