Header Ads

වාහනවලට තවත් නීතියක්! පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙහෙමයි

මෝටර් රථවල රියදුරු අසුනේ දෙපස තිරරෙදි මගින් ආවරණය කර ධාවනය කිරීම හේතුවෙන් අනතුරු ඉහළගොස් ඇති බවත් ඒ අනුව තිර රෙදි ආවරණ හා දෙපස  අඳුරු වීදුරු භාවිතා කරන රථ වාහනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
ඒ අනුව අද (19) සිට 31 දක්වා පොලිස් ස්ථාන මට්ටමින් රථ වාහන මෙහෙයුමක් දියත් කර අඳුරු වීදුරු සහ තිර රෙදි සහිතව ධාවනය කරන වාහන සඳහා රථ වාහන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස හා ඒවා ගලවා ඉවත් නොකරන වාහන සඳහා අධිකරණයේ නඩු පැවරීමට ක්‍රියා කරන ලෙස රථ වාහන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කේ. පාලිත ප්‍රනාන්දු මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.