Header Ads

ඉන්දීය ක්‍රිකට් සභාපති හා ලේකම් ඉවත් කිරීමට අධිකරණයෙන් නියෝග

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සහ ලේකම්වරයා අදාළ ධුරවලින් ඉවත් කිරීම, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
ඒ අනුව, ඔවුන්ට අදාළ ධූර වලින් වහාම ඉවත් වීමට සිදුවන අතර, උප සභාපතිවරුන් වෙත සභාපති හා ලේකම්වරයා සතු බලය පැවරෙනු ඇති.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස අනුරාග් තාකූර් ක්‍රියා කරන අතර, ලේකම් ලෙස කටයුතු කරන්නේ අජේ ශර්කේ යි.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිදුකළ යුතුව තිබූ වෙනස් කම් කිහිපයක්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කර තිබුණ ද එම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම මත මෙම තීරණයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, ලෝඩා කමිටුව නමින් ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් පිහිටුවනු ලැබුවේ පසුගිය ජූලි මාසයේදී ය.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, විනිවිද භාවයෙන් ක්‍රියාත්මක වීම, වගකීම් සහගතව කටයුතු කිරීම හා සෑම සාමාජිකයෙකුටම අවස්ථාව සැලසීම වැනී කරුණු එම කමිටුව මගින් පෙන්වා දුන් අතර, මේ වනතෙක් අදාළ නිර්දේශ ක්‍රියාත්මකව නැති බව වාර්තා වේ.
අද පෙරවරුවේ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉහත තීරණය නිවේදනය කළ අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු සොයා බැලීම වෙනුවෙන්, ලබන 19 වන දා විශේෂ කමිටුවක් පත් කිරීමට ද නියමිත ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.