Header Ads

විල්පත්තුව විනාශ වෙමින් යනවා” – ඔටාරා (VIDEO)

කිසිදු ආකාරයක විනාශයක් සිදුවී නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ විල්පත්තුව ඇස් ඉදිරිපිටදීම විනාශ වෙමින් පවතින බව දිවයිනේ ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක් වන ඔටාරා ගුණවර්ධන  පවසයි.
කලකට පෙර ඉතා ගාම්භීරව නැගී සිටි සත්ව සම්පතට ජීව භූමිය වූ විල්පත්තුව සමීපයේ පවතින විලතිකුලම් වන සංරක්ෂිතයේ අක්කර 700කට වැඩි භූමි භාගයක් දැනටමත් එලි කර ඉදිකිරීම් සහ පදිංචිකිරීම් ආරම්භ කර ඇති බවයි ඔටාරා ගුණවර්ධන පවසන්නේ.
පසුගිය සතියේ විල්පත්තු සහ ආශ්‍රිත වන ප්‍රදේශයේ සංචාරයක නිරත වීමෙන් පසු සිය මුහුනු පොතේ් වීඩියෝ  සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ පරිසරයට සිදුව ඇති විශාල විනාශයක්  සිය සංචාරය තුලදී දැක ගැනීමට ලැබුනු  බවයි. මේ වන විට රටේ වනාන්තර විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙන අතර ඉතිරිව තිබෙන වනාන්තර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවද ඇය අවධාරණය කරයි.
ජනාධිපතිවරයා විසින් පසුගියදා මාධයවේදීන් හමුවේ පවසා තිබුනේ විල්පත්තු ජාතික වන උද්‍යානයට කිසිදු ආකාරයක විනාශයක් සිදුව නොමැති බවයි. මෙන්ම විල්පත්තු සහ ආශ්‍රිත වන ගහනය අධි රක්ෂිත ප්‍රදේශයක් කිරීමට ද ජනාධිපතිතුමා තිරණය කර තිබුණි.
ලක් වාසී සියලු දෙනාගේ හා මතු පරපුර වෙනුවෙන් දැනට ඉතිරි වී ඇති වන සම්පත සුරැකීමට සියලු දෙනා එක්විය යුතු බව අවධාරණය කරන ඔටාරා ගුණවර්ධන විල්පත්තුව සහ ආශ්‍රිත වන ප්‍රදේශය අධි ආරක්ෂිත ප්‍රදේශයක් කිරීමට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව ඉටුවනු ඇති බවට බලාපොරොත්තු පල කර සිටියාය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.