Header Ads

පරිසරයට වින කරන මාස්ටර් ප්ලෑන් එක මාර්තු 01 වෙනි දින එලිකරනවා - චාමර නාකන්දල.


ලංකාවේ පරිසරයට වින කරන සංවර්ධනය නමින් තිබෙන මාස්ටර් ප්ලෑන් එක මාර්තු 1 වෙනිදා එළි කරන බව පරපුරක බලය සංවිධානයේ කැඳවුම්කරු චාමර නාකන්දල පවසයි. 

ඔහු මේ බව පැවසුවේ පෙබරවාරි 15 වන දින (ඊයේ) පුරවැසි සංවිධාන එකමුතුව විසින් මරදාන හිදී පැවැත්වු මාධ්‍ය හමුවේදීය. 

පුරවැසි සංවිධාන එකමුතුව වෙනුවෙන් අකලංක හෙට්ටිආරච්චි , වමේ කේන්ද්‍රය වෙනුවෙන් එහි කැදවුම්කරු චමීර පෙරේරා , පරපුරක බලය වෙනුවෙන් එහි කැඳවුම්කරු චාමර නාකන්දල එම මාධ්‍ය හමුවට සහභාගි විය.

වැඩිදුරටත් අදහස් දැක්වූ චාමර නාකන්දල පරිසරය පිළිබඳ රට තුළ ඇතිවෙමින් තිබු කතිකාවත ඇක්ෂන් ෂෝ එකක් බවට පත් කළ බවත් රජය කරන ඕනෑම තක්කඩි වැඩක් සාධාරණීකරනය කරන්න සුදානමින් සිටින් සමහරක් පුරවැසි සහ වෘත්තීය සමිති සංවිධාන පරිසරය පිළිබඳ කතිකාවත වෙනතකට හැරවූ බවත් පැවසීය.

පරිසරයට වින කරන මාස්ටර් ප්ලෑන් එක ඇතුළේ රිෂාඩ් බදුර්ඩීන් ඇමතිවරයා තමාට සහ තම වරිගයාට වාසි ගන්නා බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය. 

ලොව ඕනෑම අරගලයක් අභිබවා පරිසරය වෙනුවෙන් කරන අද අරගලය ප්‍රධාන වන බවත් එය මිනිසාට පමණක් නොව සතුන්ටද අදාළ වන බවත් එය අද දවසේ ප්‍රධාන කතිකාවතට ඇතුළු විය යුතු බවත් පවසන ඔහු පරිසරය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කළ හැකි ඕනෑම දෙයක් කරන්නට පසුබට නොවන බවත් පැවසීය.

පරිසර හා සොබාධහම් අධ්‍යන මධ්‍යස්ථානය , තරුණ මාධ්‍යවේදීන්ගේ සංසදය , වමේ කේන්ද්‍රය සහ සමාජය හා සාමයික කේන්ද්‍රය ඇතුළු සංවිධාන රැසක් මාර්තු 1 වෙනි දින සම්මන්ත්‍රණට සහභාගි වන බව සදහන් කළේය.  

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.