Header Ads

බබා අරන් බඩේ පුළුන් පිරවූ දොස්තරගෙන් කෝටි 100ක් ඉල්ලයි.


ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරයකුගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ඊයේ (14) 23 හැවිරිදි දෙදරු මවක් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළා. ඒ ඇයගේ දරුවා බිහිකරන්නට සිසේරියන් සැත්කමක් සිදුකළ අවස්ථාවේදී නොසැලකිලිමත් ලෙස තම කුස තුළ විශාල පුළුන් ගුලියක් තැබිමෙන් ජීවිත අවදානමකටත් මාස පහක් තිස්සේ අනේකවිධ බරපතළ ශාරීරික හා මානසික පීඩාවන්ට ලක් කිරීමත් අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට සැලැස්වීමත් සම්බන්ධයෙනුයි.

තමා 2016 ජනවාරි මස 03 වැනි දින දරු ප්‍රසූතිය සඳහා අදාළ පෞද්ගලික රෝහලට ඇතුළු වූ බවත් එහි සිටි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සී. වර්ණසූරිය විසින් තමාට මෙම සැත්කම සිදුකළ බවත් පවසමින් ඇය නඩු මඟට පිවිස තිබෙනවා.

සිසේරියන් සැත්කමින් පසුව දින කිහිපයකින් තමන්ට උදරයේ අධික වේදනාවක් ඇතිවූ නිසා ඒ පිළිබඳව වෛද්‍යවරයා හමුවී පැවසූ විට වේදනා නාශකයක් පමණක් දුන් බවත් දිගින් දිගටම වේදනාව වැඩි වූ නිසා වෙනත් වෛද්‍යවරයකු ලවා සිදු කරගත් ස්කෑන් පරීක්ෂණයකදී යමක් කුස තුළ ඇති බව අනාවරණය වූ බවත් ඇය පවසනවා. පසුව මෙම පුළුන් කැබැල්ල උදරයෙන් පිටතට ගත් නමුත් එය බඩවැල් සමඟ ඇලී තිබූ නිසා ඉන් කොටසක්ද ඉවත් කිරීමට සිදුවූ බව ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.

මෙම තත්වය හේතුවෙන් තමන්ගේ පවුලේ සමාජිකයින් මෙන්ම කුලුඳුල් දරුවාද අපහසුතාවට පත්වූ බව පවසමිනුයි ඇය වෛද්‍යවරයාට එරෙහිව නඩු මාර්ගයට පිවිස ඇත්තේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.