Header Ads

කැබැල්ලෑවන්ගේ පොතු කිලෝ 11 ක් සමග කාන්තාවක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

වන ජීවී හා වෘක්ෂ ලතා පනතින් ආරක්ෂා කොට ඇති වද වී යන සත්ත්ව කොට්ටාශයක් වන කැබැල්ලෑ පොතු කිලෝ 11 ක් ගමන් මල්ලක සගවාගෙන චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙදී රේගු නිළධාරින් විසින් ඊයේ අත් අඩංගුවට ගනු ලැබීය.

පෙබරවාරි 18ට  යෙදී ඇති ලෝක කැබැල්ලෑවන් සුරැකීමේ දිනයෙදී මෙපමණ විශාල කැබැල්ලෑ පොතු ප්‍රමණෙයක් සොයා ගැනීම ලෝක රේගු සංවිධනයේ මෙන්ම ලොව ජාත්‍යන්තර සත්ව සංවිධාන ගණනාවකම අවධානයට යොමු වී ඇති බව රේගුව කියයි.

වද වී යන සත්වයින් පිළිබද ජාත්‍යන්තර සම්මුතියන්ට අනුව කැබැල්ලෑවා රතු දත්ත ලැයිස්තුවට පවා ඇතුලත්ව අැති සතෙකි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.