Header Ads

බෝට්ටු අනතුරෙන්11 ක් මරුට. අතුරුදහන් වූවන් සොයා සෝදිසි මෙහෙයුම්


ඊයේ  (19) බේරුවල සිට කලුතර දක්වා ආගමික උත්සවයක් සඳහා ගමන් කරමින් තිබියදී කටුකුරුන්ද මුහුදු තීරයේ දී බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීම හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඒ සඳහා නාවික හමුදාව සමඟ ප්‍රදේශයේ ධීවරයින් ද එක්ව සිටින බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානයක් ද යොදවා තිබෙනවා.

ඊයේ දහවල් සිදු වූ මෙම අනතුරෙන් මියගිය පුද්ගලයින් 11 දෙනෙකුගේ මල සිරුරු මේ වනවිට සොයා ගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු වන බවයි පොලිසිය පවසන්නේ. 

දියේ ගිලී සිටිය දී බේරාගත් තවත් පුද්ගලයින් 17 දෙනෙකු බේරුවල රෝහලේ ප්‍රතිකාර ලබනවා. කළුතර නාගොඩ රෝහලේ ද තවත් 7 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

අනතුරට පත් බහුදින ධීවර යාත්‍රාවේ ගමන් කළ පුද්ගලයින් කිසිවෙකුත් ජීවිතාරක්ෂක කබා භාවිත කර නොමැති බවයි නාවික හමුදාව පවසන්නේ. මේ සම්බන්ධයෙන් කරුණු දැක් වූයේ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිතන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ විසිනි. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.