Header Ads

ලෝකයෙන් දෙවැන්නා ලෙස ලසිත් මාලිංග කඩුලු 300 පසු කරයි.


ලසිත් මාලිංග 20/20  කඩුලු 300 යි. තරග 222 යි

පන්දුවාර 20/20 තරග ඉතිහාසයේ කඩුලු 300 සීමාව ඉක්මවූ දෙවැන්නා ලෙස ලසිත් මාලිංග අද එම කඩයිම පසු කිරීමට සමත්විය.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන, පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියට පෙර අද පැවති පුහුණු තරගයේදී ලසිත් මාලිංග සිය පන්දුවාර 4 තුළ ලකුණු 26 කට එක් කඩුල්ලක් දවා ගනිමින් කඩුලු 300 සීමාව පසුකළේය.

වසරක පමණ කාලයක් ආබාදයක් හේතුවෙන්, තරගබිමට පිවිසීමට නොහැකිවූ ලසිත් මාලිංග අද යොමුකල පළමු පන්දුවේදීම කඩුල්ලක් දවා ගත්තේය.

තරගාවලියට සහභාගීවීමට පෙර ලසිත් මාලිංග මාධ්‍යවෙත ප්‍රකාශ කළේ පුහුණු තරගයේදී සාර්ථක පන්දු යැවීමක් සිදුකිරීමට බලාපොරොත්තුවන බවයි.

සුපුරුදු රිද්මයෙන් පන්දු යැවීමට වැඩි අවධානය යොමුකරන බවද මාලිංග එහිදී ප්‍රකාශ කළේය.

ලසිත් මාලිංග පන්දුවාර 20/20 තරග (ජාත්‍යන්තර හා දේශීය ප්‍රමුඛ පෙළ 20/20 තරග මීට ඇතුළත්වේ) වලදී කඩුලු 300 සීමාව පසුකළේ එවැනි දක්ෂතාවක් දැක්වූ ලොව දෙවැනි ක්‍රීඩකයා ලෙසවේ.

බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ මීට පෙර එම දක්ෂතාව දක්වා ඇති අතර, ඔහු මේවනවිට තරග 344 කදී කඩුලු 367 ක් දවා ගෙන සිටියි.

ලසිත් මාලිංග 222 වැනි තරගයට අද (15) ක්‍රීඩා කරමින් කඩුලු 300 ක් දවා ගැනීමට සමත්වීම විශේෂත්වයක් වේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.