Header Ads

අක්‌කරය ඩොලරය බැගින් තවත් අක්‌කර 340 ක්‌ ඉන්දීය සමාගමකට දීලා.


පෞද්ගලික ටයර් කර්මාන්ත ශාලාවක්‌ පිහිටුවීමට හොරණ -වගවත්ත ආයෝජන කලාපයෙන් අක්‌කරයක්‌ රුපියල් සියය බැගින් අක්‌කර 100 ක්‌ ලබා දුන් ආකාරයටම ඊට යාබද තවත් අක්‌කර 340 ක්‌ අක්‌කරයක්‌ ඩොලර් එක බැගින් ආයෝජන මණ්‌ඩලය විසින් ඉන්දියානු සමාගමකට පවරා ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව හෝ පාර්ලිමේන්තුව දැනුවත් නොකොට රජයේ අනුමැතියකින් තොරව ආයෝජන මණ්‌ඩලය මෙලෙස එම අක්‌කර 340 භූමිය පවරා ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.



ඉන්දියානු මර්බොක්‌ නමැති සමාගමට මේ ඉඩම පවරා ඇති අතර ඊට අමතරව තවත් සහනයක්‌ ලෙස එම සමාගමට විදුලිය ඒකකයක්‌ රුපියල් එකයි ශත පනහ බැගින් ලබාදීමට කටයුතු කර ඇතැයි ද හෙළි වී තිබෙන බව එම ආරංචි මාර්ග කියා සිටී.

ආයෝජන මණ්‌ඩලය මේ අයුරින් ඉතා අඩු මුදලකට ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් රජයේ ඉහළම කාර්යාලයක දැඩි අවධානය යොමු වී තිබෙන බවද වැඩිදුරටත් හෙළි වේ.

-දිවයින-

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.