Header Ads

සැඟවූ සහල් කිලෝ 42 000 ක් පිටකොටුවෙන් සොයාගනී.


අලෙවිකිරීම ප්‍රතික්ෂේප කරමින් ගබඩා කර තිබූ සහල් කිලෝග්‍රෑම් 42,100 ක් පිටකොටුවේදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

පිටකොටුවේ ව්‍යාපාරික ස්ථාන තුනක තිබූ මෙම සහල් තොගය මුද්‍රා තබා ඇති අතර, ඊට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළා.

එසේම ගතවූ දින දෙක තුළ වැඩි මිලට සහල් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් 172 ක් අධිකාරිය සිදුකර ඇති අතර, පෙබරවාරි මාසය තුළ පමණක් සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 2064 ක්.

එහිදී පාරිභෝගික නීති කඩ කළ ව්‍යාපාරිකයින් 1367 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.