Header Ads

ජපාන සත්ත්වෝද්‍යානයක හිම වඳුරන් 57ක් මරා දමයි (PHOTOS)


උතරු දිග ජපානයේ සත්ත්වෝද්‍යාන බලධාරීන් විසින් එහි සිටි හිම වඳුරන් 57 දෙනෙක් මරා දමනු ලැබ තිබේ.
එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මාරාන්තික එන්නතක් ලබා දීමෙන් චීබාහි පිහිටි ටැකාගෝයාම ස්වභාවික සත්ත්වෝද්‍යානයේ සිටි මෙම වඳුරන් ඝාතනය කර ඇති බව ය.
බලධාරීන් අදාළ වඳුරන් විනාශ කිරීමට තීරණය කර ඇත්තේ, ඔවුන් මගින් ආක්‍රමණශීලි ආගන්තුක ජාන විශේෂයක් ව්‍යාප්ත වන බවට හඳුනා ගැනීමෙන් අනතුරුව ය.
DNA පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ, එම වඳුරන් වෙනත් කුඩා වඳුරු විශේෂයක් සමග දෙමුහුන් වී ඇති බව ය.
ජපාන නීතිය යටතේ දේශීය නොවන වඳුරු විශේෂ නීතියෙන් තහනම් වේ.
සත්ත්වෝද්‍යාන බලධාරීන් පවසා ඇත්තේ, දේශීය පරිසරයේ අනන්‍යතාව සුරැකීම වෙනුවෙන් අකමැත්තතෙන් වුව ද මෙම වඳුරන් මරා දැමීමට සිදු වූ බව ය.
හිම වඳුරන් ලෙස හඳුන්වන ජපානයට ම ආවේණික වූ මෙම වඳුරු විශේෂය සංචාරක ආකර්ෂණය දිනා ගත් සත්ත්ව කොට්ඨාසයකි.
කෙසේවෙතත් ඇතැමුන් මත පළ කරන්නේ, මෙලෙස වඳුරන් ඝාතනය කර දැමීමෙන් ම තත්ත්වය පාලන කළ හැකි යැයි විශ්වාසය පළ කළ නොහැකි බව ය.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.