Header Ads

රුපියල් ලක්ෂ 67 ක වටිනාකමක් දක්වා අසේලගේ ගමන් මඟ


ඔස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන් පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රීකට් තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දක්වන අසේළ ගුණරත්නට අද (20) පැවති IPL වෙන්දේසියේදී ඉහළ වටිනාකමක් හිමිවුණා.

රුපියල් ලක්ෂ 67ක ලංසුවකට ඔහු මිලදී ගත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින්.

මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා වන අතර ලසිත් මාලිංගද එම කණ්ඩායම නියෝජනය කරනවා. 

අද  පැවති වෙන්දේසියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් වෙනුවෙන් ලැබුණු ලංසුව රුපියල් කෝටි හතරහමාරක්. 

මේ තරම් වටිනාකමක් දක්වා අසේලගේ ගමන් මඟ ගැනයි මේ සටහන. 

1986 ජනවාරි මස 8 වන් දින උපත අද දොවුන්දෙගෙදර අසේල සම්පත් ගුණරත්න මහනුවර ප්‍රදේශයේ පදින්චිකරුවෙක්.

අසේලගේ පාසා උනේ මහනුවර රාහුල විද්‍යාලයයි.

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ශ්‍රී ලංකා යුධ හමුධාවේ හයවැනි රෙජිමේන්තුවට එක් වන්නේ කාලතුවක්කු නිලධාරියෙකු ලෙසින්. 

කුඩා කල පටන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කල අසේල යුධ හමුදා සේවා අතරතුර යුධ හමුදා ක්‍රීඩා සමාජයට එක් වෙනවා . 

එහිදී පළමු පෙළ සදහා එක්වු වු පසුව යුධ හමුදා පිලේ නායකත්වයටද පත් වෙනවා. 

පසුව තම තම දක්ෂතා දියූ කර ගැනීමට මූඔ .. ක්‍රීඩා සමාජයට එක් වීමට තීරණය කරන්නේ පන්දු පලන්නෙකු ලෙසින් ප්‍රසිද්ධියක් උසුලමින්. 

ඔහුගෙ හැකියාව නිසා යුධ හමුදා ක්‍රිකට් පිලට බොහෝ ජයග්‍රහණද හිමි විය. 

මග්ගොන බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව ඔහුගේ පළමු ද්විත්ව ශතකය ලබා ගෙන තිබුනේ පන්දු 170 කදී හතරේ අහර 22 ක් හා හයේ පහර 5 ක් සමගින්. 

අසේලගේ වයස 30ක් වනතුරුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අව්ස්ථාවක් ගන්න ඔහුට නොහැකි උනා. 

පසුව 2016 වසරේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර 20 20 තරඟයට මුල් වරට තෝරා ගත්තද එහිදී රැස් කර ගත හැකි උනේ ලකුණු 4ක් පමණයි.

නමුත් අසේල සිම්බාබ්වේ ටෙස්ට් හා එක් දින තරඟාවලියේදීත් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදීත් ඉදිරියෙන්ම සිටි පිතිකරුවෙකි. 

අසේල ඊයේ තරඟයේත් පළමු තරඟයේත් සිය සුපිරි හැකියාව පෙන්වමින් කාගෙත් අවධානය දිනා ගත්තා. 


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.