Header Ads

මානව ඉතිහාසයේ නව පිටුවක්. නාසා අයාතනය පෘථිවියට සමාන ග්‍රහලෝක 7ක් සොයා ගනී (PHOTOS/VIDEO)




එක් තරුවක් වටා පරිභ්‍රමණය වන පෘථීවියට සමාන විශාලත්වයකින් යුත් ග්‍රහලෝක 7ක් සොයාගෙන තිඛෙනවා.

පරීක්ෂණය සිදුකළ තාරකා විද්‍යාඥයින් පවසන්නේ මෙම ග්‍රහලෝක හතේම ද්‍රව ජලය ඇති බවට විශ්වාසයක් පවතින බවයි.

ඒ අතරින් ජීවයට සුදුසු බවට හෝ  යම් තාක් දුරට ජීවය පවතිනු ඇතැයි තහවුරු කරගෙන ඇත්තේ ග්‍රහලෝක 3ක් පමණයි.

මෙම ග්‍රහලෝක පිහිටා ඇත්තේ පෘථීවියට වඩා ආලෝක වර්ෂ 40ක් හෙවත් සැතපුම් ට්‍රිලියන 235ක් ඈතින් බවයි විදෙස් මාධ්‍යයන් හි දැක්වෙන්නේ.

එක් තරුවක් වටා පරිභ්‍රමණය වෙමින් ඇති පෘථීවියට සමාන විශාලත්වයෙන් යුත් ග්‍රහලෝක 7ක් එකවර සොයාගත් පළමු අවස්ථාව මෙය ලෙසට ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිඛෙනවා.







No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.