Header Ads

බන්ධනාගාර බසයට වෙඩි - සමයං ඇතුළු 7ක් මිය ගිහින්


පාතාල කල්ලි නායක සමයං ඇතුළු පිරිසක් කළුතර සිට කඩුවෙල අධිකරණය වෙත බන්ධනාගාර බස් රථයකින් රැගෙන එමින් සිටියදී කළුතර එතනමඩල ප්‍රදේශයේදී වැන් රියක් හරස්කොට (27) අද දින පෙරවරුවේදී වෙඩි තැබීමක් සිදුවූ අතර

 එහිදී බසයේ සිටි සමයං ඇතුළු සැකකරුවන් පස් දෙනෙක්ද බන්ධනාගාර නිළධාරීන් තිදෙනෙක් ඇතුළු 07 දෙනෙක් මිය ගොස් ඇත.

රැඳවියන්ගේ ආරක්ෂාවට පසුපසින් පැමිණි බන්ධනාගාර නිලධාරීන් රැගත් තවත් බස් රියකට ද වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් එහි සිටි බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ද තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

කඩුවෙල රනාල ප්‍රදේශයේ පදිංචි සමයං කඩුවෙල නවගමුව පොලිස් බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක මනුෂ්‍ය ඝාතන තුනක් සිදු කිරීම සහ ඝාතන දෙකක් සිදුකිරීමට තැත් කිරීම, ටී 56 ගිනි අවියක් සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා රැසක විත්තිකරුවෙකි.

පසුගිය 2015 වසරේ සැප්තැම්බර් 23 වනදා මේ ආකාරයටම මෙම නඩුව සදහා සැකකරු ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් අධිකරණ භූමිය වෙත රැගෙන ආ අවස්ථාවේදී  මොහුට වෙඩි තැබීමක්ද සිදුවුණු අතර එහිදී ජවීතය බේරුණේ අනූනමයෙන්ය.

වෙඩි තැබීමෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන්

1) එස් සන්නිගම් - බන්ධනාගාර නියාමක

2) එස් ආර් විජේරත්න - බන්ධනාගාර ජේලර්

වෙඩි තැබීමෙන් මිය ගිය සැකකරුවන් -

1) එම් පී අරුණ උදයංග පතිරණ (සමයං)

2) සන්තක චලන තිලක් මල්ලිකාගේ

3) කෝරලගේ අමිල ප්‍රසන්න සම්පත්

4) වාද්දුව පතිරගේ කැළුම් ප්‍රියංකර

5) ලිඳමුලගේ සුරංග ප්‍රසන්න කුමාර


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.