Header Ads

ලිබියාවේ බෝට්ටු අනතුරකින් 74 ක් මරුට


බටහිර ලිබියාවේ වෙරළ තිරයේ දී  සිදු වූ  බෝට්ටු අනතුරකින් මිනිසුන් 74 දෙනෙක් මිය ගොස් ඇති අතර එම මළ සිරුරු වෙරළට ගසාගෙනවිත් ඇත.

මේ අනතුර අගහරුවාදා (21) දින සිදු වි ඇති අතර අනතුර සිදු වූ මොහොතේ දී මරණ 12ක් වාර්තා වී ඇති බවත්, අද (22) දින වන විට එය 74 කින් ඉහල ගොස් ඇති බවත් තව දුරටත් සදහන් වේ.  

ලිබියාව මේ වන විට දරිද්‍රතාවය හා යුද්ධය යන ගැටලු වලින් පෙලෙන රටකි. එමනිසා දහස් ගණනින් සාමාන්‍ය ජනතාව බෝට්ටු මගින් යුරෝපයට සංක්‍රමණය වීමට උත්සහ දරයි. මෙම උත්සාහයන් වලදී සිදුවන විවිධ අනතුරු සහ අතපසුවීම් හේතුවෙන් මිනිස් ජිවිත දහස් ගණනක් මේ වන විටත් මුහුදට බිලි වී ඇත.


123

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.