Header Ads

රෝහන විජේවීර යලි උපදී.


රෝහණ විජේවීරගේ චරිතය පසුබිම් කරගෙන අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කරන සිනමාපටයේ රූගත කිරීම් මේ දිනවල සිදු වෙනව. 
 ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ ජීවිතයේ 1978 1989 කාල වකවානුව හා ඉන්පසු භාගයේ දේශපාලනය ආශ්‍රයෙනුයි මෙම සිනමා නිර්මාණය සිදු කරනු ලබන්නේ.
මේ ඒ පිළිබඳව නුරුද්ධ ජයසිංහ සමඟ සමඟ මිට ඉහතදී කළ කතාබහකදී  විජේවීරගේ චරිතයට නැවත උප්පත්තිය දෙන කමල් අද්දරආරච්චි.  පිළිබඳ දක්වා සිටියේ මෙවැනි අදහසකි.
 ''කමල් අද්දරආරච්චියි තෝරගන්න ප්‍රධාන හේතු කිහිපයක් තිබුනා. අපිට ඔහුව රෝහණ විජේවීරයන්ගේ වයස් සීමාවන් වෙත ගෙනයාම පහසුයි වගේම ඔහු දක්‍ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම කමල් ට හොඳට ඉංග්‍රීසි භාෂාව හසුරවන්න පුළුවන්. රෝහණ විජේවීර සහෝදරයා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් කතාකරන අවස්ථා අපිට කඩපාඩම් කරලා භාෂාව පුහුණු කර රංග ගත කිරීම කරන්න අමාරුයි. 
මෙයට එම භාෂාව හොඳට පරිහරණය කළහැකි කතා කළහැකි අයෙකු අවශ්‍යමයි. ඉතින් මේ සියල්ල ගත්විට කමල් එම චරිතයට වඩාත්ම සුදුසු කෙනයි. මම විශ්වාස කරනවා කමල් අද්දරආරච්චි කෙනෙකු මේ චිත්‍රපටයේ හමුනොවන බව". 
මෙහි අනෙක් චරිත සඳහා ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, ප්‍රියන්ත සිරිකුමාර,අතුල පතිරණ, සුලෝචනා වීරසිංහ, දිල්හානි අශෝකමාලා, මීණා කුමාරි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වනවා. 
මෙහි නිෂ්පාදනය 'සිනෙ ෆ්‍රෝ'නිෂ්පාදන සමාගම විසිනි. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.