Header Ads

පරිප්පු ගොඩකට යටවී පුදගලයෙකු මරුට


කැලණිය, පට්ටිවිල ගබඩාවක පරිප්පුවලට යට වී පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ පරිප්පු අසුරමින් සිටියදී ඔහු එම අනතුරට මුහුණ පා ඇති බව ය.

පරිප්පු ගොඩට යට වූ පුද්ගලයා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලීසිය සඳහන් කළේ ය.

මේ අතර 2015 වසරේ මාර්තු 10 වන දා ද කැලණිය, පට්ටිවිල කර්මාන්ත ශාලාවක පරිප්පු තොගයකට යට වී පුද්ගලයෙකු මිය ගියේ ය.

එම අවස්ථාවේදී මිය ගියේ, මොණරාගල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.