Header Ads

මිනී මැරුම් රැසක්ට සම්බන්ධ... පොඩි ලැසී අත්අඩංගුවට


රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් ඇතුළු පුද්ගලයෙකු 04 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය මහහැර සිටි පොඩි ලැසී නොහොත් මදුරංග නැමැත්තා ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් සමග අම්බලන්ගොඩ පොලීසිය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ තෙල්වත්ත පදිංචි මදුරංග නැමැති අයෙකි.

හික්කඩුව තෙල්වත්ත මීටියාගොඩ ආදී ප්‍රදේශ වල මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණ වල පවතින නඩුවලට ඉදිරිපත් නොවී සැකකරු ඊයේ උදේ මෝටර් රථයකින් තෙල්වත්ත ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ටී 56 ගිනි අවියක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් කුඩු ග්‍රෑම් 4ක් සමග මෝටර් රථය අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.