Header Ads

“ඇම්බැසඩර්“ පර්ජෝට විකිණෙයි


ඉන්දියාවේ වඩාත් ප්‍රකට මෝටර් රථයක් වන ඇම්බැසඩර් හි වෙළෙඳ නාමය එම රථ නිෂ්පාදනයේ යෙදුණු හින්දුස්ථාන් මෝටර්ස් සමාගම විසින් ප්‍රංශයේ පර්ජෝ සමාගම වෙත විකුණා ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

මෙම ගනුදෙනුව සිදුවී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 12කටය.

ඇම්බැසඩර් මෝටර් රථ ඉන්දීය රජයේ අමාත්‍යවරුන් අතර වඩාත් ගෞරවාන්විත මෝටර් රථයක් ලෙස ප්‍රකටව පවතී.

පසුගිය වර්ෂ දෙකේදී (2014 සිට) ඇම්බැසඩර් නිෂ්පාදනය නවතා දමා තිබුණි.

පර්ජෝ ඇම්බැසඩර් මිලට ගත්තද ඇම්බැසඩර් නම දිගටම ගෙනයනු ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැත.

දශක තුනක කාලයක් ඉන්දියාවේ වැඩිම අලෙවියක් ප්‍රකට කළ මෝටර් රථය ලෙස ඇම්බැසඩර් මෝටර් රථය කරළියේ පැවතුණි.

පර්ජෝ මෝටර් රථ සමාගමටද ඉන්දියාව සමග කුළුපග මිතුදමක් පවතින අතර, ඔවුන් ඉන්දියාවේ ආර්ථිකය විවෘත කිරීමෙන් පසුව එරටට මුලින්ම පැමිණි විදේශීය මෝටර් රථ සමාගම් කිහිපය අතරින් ප්‍රමුඛ සමාගමකි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.