Header Ads

කතක් ඇඳමත පිලිස්සී මියයයි -කෙනෙක් ගිනිඇවිළී දුවයි


අතුරුගිරියේ, වානගුරු මාවතේ නිවසක ජීවත් වූ වයෝවෘද්ධ කාන්තාවක රැක බලාගත් මෙහෙකාරිය එම නිවසේ ඇඳක් මත පිලිස්සී මියගොස් සිටියදී අතුරුගිරිය ‍පොලිසිය ඊයේ (02) දහවල් සොයාගෙන ඇති අතර, ගිනි ඇවිළීමෙන්මා ර්ගයක දිව යමින් සිටි ඇගේ අනියම් සැමියා රෝහල්ගත කර ඇත. ‍

පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) ලද තොරතුරක් මත එහි ගොස් කළ සෝදිසියේ දී මෙම මළ සිරුර සොයාගැනීමට හැකි වූ බවත්, මෙම කාන්තාව ගිනි ගන්නා මොහොතේ දී තවත් ගිනි ඇවිළුණු පුද්ගලයකු බරපතළ පිලිස්සුම් තුවාල සහිතව මාර්ගයේ දිවයමින් සිටියදී ප්‍රදේශවාසීන් ඔහු තලංගම රෝහලට ඇතුළත් කර ඇති බවත්, පසුව ඔහු බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවත් ‍පොලිසිය පවසයි.

මෙසේ පිලිස්සී මියගොස් ඇත්තේ අනුරාධපුර, දෙමළසිරික්කුලම ප්‍රදේශයේ පදිංචි අනූෂා කුමාරි නමැති 34 හැවිරිදි විවාහක කාන්තාවකි. ඇයගේ අනියම් සැමියා බවට සැකකරන බරපතළ පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයා පුලස්තිගම ඇළපාර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු බවද ‍පොලිසිය පවසයි.

මියගිය කාන්තාව ගිනි තබා ගත්තාද, නැතහොත් කිසිවකු ඇයට ගිනි තැබුවේද, ඇය බේරා ගැනීමට ගිය පුද්ගලයාගේ ඇඟට ගිනි ඇවුළුණාද, නැතහොත් දෙදෙනාම එකට ගිනි තබා ගත්තාද යන්න පරීක්ෂණ පවත්වන ලද අතුරුගිරිය ‍පොලිසිය පවසයි.

අතුරුගිරිය ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතා ප්‍රමුඛ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.