Header Ads

විරෝධතා මාදිලිය අලූත් වෙයි.. රථ පෙලපාලි විරෝධයෙන් කොලඹ හිරවේ.. පොලීසිය අන්දුන්කුන්දුන්..


අනතර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා රථ පෙලපාලියක් නිසා කොළඹ ස්ථාන කිහිපයකට දැඩි රථ වාහන තදබදයන් ඇති වී තිබේ.

මරදාන ටෙක්තිකල් හන්දියේදී රථවාහන ගමනාගමනය ඉතාම මන්දගාමී වී ඇති අතර ප‍්‍රදේශයේ දැඩි තදබදයක්ද පැවතුනි

පුද්ගලික විශ්ව විද්‍යාලවලට විරෝධය පල කරමින් විරෝධතාකරුවන් රට පුරා විවිධ ස්ථාන වලින් ආරම්භ කරන ලදවිරෝධතා රථ පෙලපාලි තෙදිනක් තිස්සේ ගමන් කරමින් අද දිනයේ කොලඹට ලගා වී විය.

මෙම පෙලපාලි නිසා ගාලු පාර, හයිලෙවල් පාර, මීගමු පාර, නුවර පාර දැඩි වාහන තදබදයක් ඇති කලේය.

තත්වය පාලනය කිරීමට පොලීසිය දැඩි උත්සාහයක් දරමින් සිටි අතර මෙවන් විරෝධතාවකට පොලිසිය මුහණ දෙන්නේ පළමු වතාවටයි.

(under the courtesy of lankacnews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.