Header Ads

පොලීසියට අල්ලස් දෙන්න ගිය කොන්දොස්තරට වැඩ වරදියි


පොලිස් නිලධාරියෙකුට රුපියල් 1000ක අල්ලසක් ලබා දීමට තැත් කළ පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු කොළඹ කොටුව ඕල්කට් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම සඳහා සැකකරු මෙම අල්ලස දීමට තැත්කර ඇති බව ය.

අත්අඩංගුවට ගත් සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.